Divaina - රණවිරු ඩෙන්සිල් කොබ්බෑකඩුව 28 වැනි ගුණ සමරුව පැවැත්වෙයි...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p3 3රට වෙනුවෙන් දිවිපිදූ ලූතිතන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව වීරෝධාර රණවිරුවාගේ විසි අට වැනි ගුණසමරු උත්සවය පෙරේදා (08 දා) අනුරාධපුර ශික්‍ෂණ රෝහල අසළ පිහිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරුව අබියසදී සිදු කෙරිණි.
 
 1992 වර්ෂයේ අගෝස්තු අට වැනිදා (08 දා) පෙරවරු 10.08ට යාපනය අර්ධද්වීපයේ අරාලි තුඩුවේදී ම්ලේජ්ච ත‍්‍රස්තවාදීන්ගේ බිම් බෝම්බයකට හසුවී ලූතිතන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු රණවිරුවෝ ජීවිතක්ෂයට පත්වූහ.
 
 උතුරු මධ්‍ය දිසාවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නාහිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව රණවිරු උත්තමාචාරය පුද කරමින් පුෂ්ප උපහාර පුද කිරීමේ උත්සවය සිදුකෙරිණි.
 
 ශ‍්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක හා 12 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප‍්‍රතාප් තිලකරත්න මහතා ඇතුළු ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles