Divaina - මුහුදේ වැලි ගල්ගාලූ පාරේ - ගමනාගමනයට දැඩි බාධා අයහපත් කාලගුණයෙන් රැල්ල සැරවේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p17 5අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කහව, අකුරල සහ ගොඩගම අතර මාර්ගයේ කිලෝමීටර් දෙකක පමණ ප‍්‍රමාණයක ප‍්‍රදේශයක් දැඩි ලෙස මුහුදු රළ වැලි සමග ගොඩබිමට පැමිණීම හේතුවෙන් පසුගිය දින කීපය තුළ රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබූ අතර ඊයේ (09 දා) දිනයේද එම තත්ත්වය දක්නට ලැබිණ.

මේ හේතුවෙන් ගාලූ පාරේ කහව සහ තෙල්වත්ත ප‍්‍රදේශයේ විටින් විට මාර්ගයට මුහුදු රළ සමග වැලි සහ ගල් පැමිණීම හේතුවෙන් වාහන ගමනා ගමනයට බාධා ඇතිව තිබිණ. මාර්ගයේ ගමන් ගත් රථවාහන කීපයක්ද අනතුරට ලක්වූ බවත් ප‍්‍රදේශවාසීහු පැවසූ අතර මීටියාගොඩ පොලිසිය විසින් පවතින තත්ත්වය පිළිබඳව දැනුම්වත් කිරීමේ පුවරු සවිකර තිබෙන ආකාරයද දක්නට ලැබිණ.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් රථවාහන ගමනාගමනයට බාධාවක් පවතින මුහුදු ජලය සම`ග එක්රැුස් වන වැලි ඉවත් කරමින් මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටියහ.

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්, අහංගම - සුගතපාල දීයගහගේ,  හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල් සහ අක්මීමන - කේ. මතිලාල්

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles