Divaina - ටීඑන්ඒ දේශපාලනඥයන් මනාප සොරකම් කළැයි නඩරාජා රවිරාජ්ගේ ප‍්‍රතිමාව ක`එ රෙදිවලින් වසා දමා ශෂිකලා විරෝධය දක්වයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


  දිනසේන රතුගමගේ

nadaraja500
 
 ඝාතනයට ලක් වූ නඩරාජා රවිරාජ් හිටපු මන්ත‍්‍රීවරයාගේ බිරිඳ ශෂිකලා නඩරාජා මහත්මියගේ මනාප සංඛ්‍යාව අඩු වීමත් සමගම ඇය පවුලේ උදවිය සමග කලූ ඇඳුම් ඇඳගෙන ගොස් යාපනයේ චාවකච්චේරි ප‍්‍රදේශයේ පිහිටි නඩරාජා රවිරාජ් ප‍්‍රතිමාවද කලූ රෙදි වලින් ඊයේ (7 දා* උදෑසන වසා දමනු ලැබීය’
 
 සෂිකලා නඩරාජා මහත්මිය සිය දූවරුන් දෙදෙනා සමග කලූ පැහැති ඇඳුම් ඇඳගෙන ගොස් මේ ක‍්‍රියාව සිදු කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයට විරෝධය පළ කිරීම සඳහාය’ සෂිකලා නඩරාජා මහත්මිය මෙවර යාපනය දිස්ත‍්‍රික්කයෙන් දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කළ අතර ඡන්ද ගණනය කරන මධ්‍යස්ථානයේ ඇය සිටි අවස්ථාවේදී ඇයට විශාල මනාපයක් තිබී යාපනයෙන් දෙවන ස්ථානයට පත්ව තිබිණි‘
 
 මේ සමගම දෙමළ ජාතික සන්ධානයේ තවත් අපේක්ෂකයන් දෙදෙනකුට මනාප අඩු බව කියමින් ඔවුන් විශාල ගාලගෝට්ටියක් සිදු කළ අවස්ථාවේදී සශිකලා නඩරාජා මහත්මියත් ඇගේ දියණියන් දෙදෙනාත් පහර කෑමකට හා තර්ජනයකට ලක් වීම නිසා ඔවුහු ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයෙන් ඉවත්ව ගියහ’ අවසානයේදී ඇයට මනාප අඩු වී ඇය පරාජයට පත්වීමෙන් පසුව කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ කූඨ දේශපාලනඥයින් පිරිසක් එක් වී තමන්ව පරාජය කළ බවයි’
 
 අනතුරුව ඇය සිය සැමියාගේ දේශපාලන ගමන අගය කරමින් දෙමළ ජාතික සන්ධානයට විරෝධය පළකරමින් රවිරාජ් මහතාගේ ප‍්‍රතිමාව ඉදිරිපිට විරෝධතා දක්වා ප‍්‍රතිමාව කලූ රෙදිවලින් වසා දැමූහ’
 
 පවුලේ උදවිය මේ අවස්ථාවට සහභාගී වූයේද කලූ හා රතු රෙදි වලින් සැරසීගෙනය’

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles