Divaina - ගලේවෙල පත්කොළගොල්ලේ සුදු හඳුන් වනය විනාශයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ගලේවෙල විශේෂ

sudu666
 
 ගලේවෙල” පත්කොළගොල්ල වෙහෙරබැඳිහින්න පුරාණ රජමහා විහාර භූමියේ පිහිටි සුදු හඳුන් වනය දිනෙන් දින විනාශ මුඛයට යමින් පවතින බව ප‍්‍රදේශවාසීහු පවසති’
 
 මෙම සුදු හඳුන් වනය මධ්‍යම පළාතේ පිහිටි විශාලතම වනය බව ඔවුහු පවසති’ ක‍්‍රි’ව’ 02 වැනි සියවසේ රාජ්‍ය පාලනය කළ කණිශ්ඨ තිස්ස රාජතුමාගේ කාලය දක්වා ඉතිහාසයක් මෙහි ඇත’
 
 අක්කර 18 ක පමණ භූමියක් වසාගෙන පවතින මෙම සුදු හඳුන් වනයේ ගස් අවට ඇතැම් පදිංචිකරුවන් විසින් හොර රහසේ කපා පිට පළාත්වලට ගෙනගොස් කිලෝඑකක් රුපියල් 5”000 බැගින් අළෙවි කරන බව වෙහෙරබැඳිහින්න පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති අරම්පොල සුගතවංශ හිමියෝ පැවැසූහ’
 
 තමන්වහන්සේ එම විහාරයට පැමිණ වසර 15ක් පමණ ගතවී ඇති බවත් එදාමෙදාතුර මෙම දුර්ලභ සුදුහඳුන් වනය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් පියවර ගෙන නැති බව පැවැසූහ’ මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය විටින්විට යොමු කළත් ඊට යහපත් ප‍්‍රතිචාර මෙතෙක් නොලැබුණු බවත් උන්වහන්සේ පැවැසූහ’ඒ නිසා තවදුරටත් මෙම වටිනා සුදුහඳුන් වනය අභාවයට යෑම වැළැක්වීමට බලධාරීන් විසින් පියවර නොගතහොත් එය ජාතියේ මතු පරපුරට අහිමිවීම නොවැළැක්විය හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ’

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles