Divaina - ටී එන් ඒ ආධාරකරුවන්ගේ ගැටුමට මැදිවූ ශෂිකලාට හා ඇගේ දියණියට පහර දීලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september



මුලතිව් - ප‍්‍රසන්න ප‍්‍රදීප් 

suman700

 

යාපනය ප‍්‍රධාන ඡුන්ද ගණනය කිරීමේ  මධ්‍යස්ථානය ඉදිරිපිටදී දෙමළ ජාතික සන්ධාන මන්තිී‍්‍ර ධුර අපේක්ෂකයින් තිදෙනකුගේ ආධාර කරුවන් අතර පසුගිය 06 දා රාති‍්‍රයේ ඇතිවූ ගුටි බැට හුවමාරුවකින් හය දෙනකු සුළු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් රෝහල්ගත වීමක් පිළිබඳව අනාවරණය වී නොමැති අතර මෙම ගැටුමට මැදිව ඇත්තේ එම්. ඒ. සුමන්තිරන්, එස්. ශී‍්‍රධරන් හා සශිකලා රවිරාජ් යන අයගේ දේශපාලන ආධාරකරුවෝය.

පළමුවෙන්ම නිල නොලත් මනාප ප‍්‍රකාශ වීමේදී දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. ශී‍්‍රධරන් මහතා ඉදිරියෙන් සිටින බවත් සුමන්තිරන් මහතාට මන්තී‍්‍ර ධුරයක් හිමි නොවු බවටත් නිල නොලත් වාර්තා පැමිණිමත් සමග මෙම ගැටුම හට ගෙන තිබේ

මෙම ගැටුමට මැදිහත් වු ශෂිකලා රවිරාජ් මහත්මියට හා ඇගේ දියණියට ආධාරකරුවන් පහර දීම නිසා ඔවුන් සියලූ දෙනා විලාප තබමින් ඡුන්දය ගණනය කරන  මධ්‍යස්ථානයෙන් බැහැරව ගියහ.

මෙම අවස්ථාවේ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ ගැටුම සමථයකට පත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

suman2

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles