Divaina - පොහොට්ටුවට අති විශිෂ්ට ජයක් 2/3කට කිට්ටු වෙයි - දිස්ති‍්‍රක්ක 22න් 18ක්ම දිනුම්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


main PICදුරකථනය ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කය ජය ගනී

එජාපයට එක ආසනයක්වත් නෑ

පොහොට්ටුවට ඉල්ලා සිටි බලය දුන්නාට අගමැතිගෙන් ජනතාවට තුති

අනුර බාලසූරිය

මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටි බලය ලබාදීම පිළිබඳව ජනතාවට තම ස්තුතිය පුද කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (6 දා* රාතී‍්‍ර ‘දිවයින’ට පැවසීය.

ජනතාව තමන් කෙරෙහි විශ්වාසය තබා ආණ්ඩුව බලාපොරොත්තු වූ මෙම සුවිශේෂී ජයග‍්‍රහණය ලබාදී තිබෙන බවද අගමැතිවරයා සඳහන් කළේය.
දේශපාලන පක්‍ෂයක් ආරම්භ කර වසර තුනකට ආසන්න ඉතා කෙටි කාලයක් තුළ පාලන බලය අත්කරගත් ප‍්‍රථම අවස්ථාව බවට මෙම මහ මැතිවරණය ඉතිහාසගත වනු ඇතැයි ද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

රජය පොරොන්දු වූ පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ලද සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බවද අගමැතිවරයා සඳහන් කළේය.
ලැබූ මෙම සුවිශේෂී ජයග‍්‍රහණය ඉතා සාමකාමීව භුක්ති විඳින ලෙස අගමැතිවරයා පාක්‍ෂිකයන් ඇතුළු රට වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

---------------------------------------------------------------------
පොහොට්ටුවට අතිවිශිෂ්ට ජයක්


රනිල් ධර්මසේන


නව වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිකර ගත්තේය.

මැතිවරණ දිස්ති‍්‍රක්ක විසිදෙකෙන් 18 ක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් ජයග‍්‍රහණය කරනු ලැබූ අතර යාපනය, වන්නි හා මඩකලපුව යන දිස්ති‍්‍රක්ක ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‍ෂයත් ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කය සමගි ජනබලවේගය පක්‍ෂය විසිනුත් ජයගනු ලැබීය.

එමෙන්ම කොළඹ හා උතුරු නැගෙනහිර පළාත්වල දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්ක 16 ක සියලූම ආසන ජයග‍්‍රහණය කිරීමට ද පොදුජන පෙරමුණ සමත්වීම විශේෂත්වයකි.

සමගි ජනබලවේගයට ජයගත හැකි වූයේ උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, මැද කොළඹ, බොරැුල්ල, දෙහිවල, මුතුර්, කල්මුණේ, පොතුවිල් හා සමන්තුරේ යන කොට්ඨාස පමණි. එක්සත් ජාතික පක්‍ෂයට හෝ ජාතික ජනබලවේගයට කිසිදු ආසනයක් හිමි නොවීය.

එක්සත් ජාතික පක්‍ෂයට කිසිදු මන්තී‍්‍ර ධුරයක් හිමි නොවීම විශේෂත්වයක් වන අතර ජාතික ජනබලවේගය පක්‍ෂයට හිමිව තිබූ හම්බන්තොට, කළුතර මන්තී‍්‍ර ධුර පරාජයට පත්විය. ඒ අනුව මාතරින් තරග කළ සුනිල් හඳුන්නෙත්ති කළුතරින් තරග කළ නලින්ද ජයතිස්ස, හම්බන්තොටින් තරග කළ නිහාල් ගලප්පත්ති යන මහත්වරු ද පරාජයට පත්වූහ. ජාතික ජනබලවේගයට කොළඹ දිස්ති‍්‍රක්යෙන් හා ගම්පහ දිස්ති‍්‍රක්කයේ එක් මන්තී‍්‍ර ධුරයක් බැගින් ජය ගැනීමට හැකි විය. එහෙත් ඉකුත් ජනාධිපතිවරණයට වඩා මෙවර ජාතික ජනබලවේගයට වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් හිමිව ඇත.

ඡුන්ද ප‍්‍රතිඵලවලට අනුව පොදුජන පෙරමුණ පළමු ස්ථානයට පත් වෙද්දී සමගි ජනබලවේගය දෙවන ස්ථානයටත් ජාතික ජනබලවේගයට තෙවන ස්ථානයත් හිමි විය. එ.ජා.ප. ය සිව්වන ස්ථානයට පත්ව ඇත.

නිකුත් වූ ඡුන්ද ප‍්‍රතිඵලවලට අනුව පොළොන්නරුව, ගම්පහ, කටාන, කඩුවෙල, දොම්පෙ, මහර, හෝමාගම, මහරගම හා අම්පාර යන ඡුන්ද කොට්ඨාස වැඩි ඡුන්ද පනස් දහසකට වැඩි ප‍්‍රමාණයකින් ජය ගැනීමට පොදුජන පෙරමුණ සමත් විය.

එමෙන්ම මිනුවන්ගොඩ, බණ්ඩාරගම, බුලත්සිංහල, අගලවත්ත, අම්බලන්ගොඩ, රත්ගම, හබරාදුව, මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, තිස්සමහාරාම, කඹුරුපිටිය, දෙනියාය ඇතුළු ආසන රැුසක් වැඩි ඡුන්ද විසිදහසකට වඩා ලබාගැනීමට පොදුජන පෙරමුණ සමත් විය.

මෙවර මහ මැතිවරණයේ සමස්ත දිස්ත‍්‍රික් ප‍්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත‍්‍රී ධුර 128 ක් හිමිව ඇති අතර පොදුජන පෙරමුණට සහාය දෙන ඊ. පී. ඞී. පී., මහජන කොංග‍්‍රසය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ ලබාගෙන ඇති මන්ත‍්‍රී ධුර හා ජාතික ලැයිස්තුවෙන් හිමිවන මන්ත‍්‍රී ධුර ද ඇතුළුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවනු ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාගත් හැටනව ලක්‍ෂය ද ඉක්මවා ඡුන්ද ලක්‍ෂ 72 කට වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් පොදුජන පෙරමුණට හිමිව ඇත.

අද (07දා) අලූයම 2.30 වනතුරුත් මැතිවරණ කොමිසම දිවයිනේ සමස්ත ඡුන්ද ප‍්‍රතිඵල නිකුත් කර නොතිබුණි.

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles