Divaina - ජනතාව දිරිමත් කරන්න මැකොත් ඡන්දය දමයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 m500ඡන්දය දැමීම සඳහා තමා මෙවර ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණියේ 2011 වසරින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය. 04-පිිටුවට
 
 මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත් වීමෙන් පසු තමා කිසිදු මැතිවරණයකදී ඡන්දය ප‍්‍රකාශ නොකළ බවත් මෙවර ඡන්දය දැමීමට තීරණය කළේ පවතින කොරෝනා වෛරස රෝගය නිසා ජනතාව ඡන්දය දැමීමට ඡන්ද පොළට යෑමට දක්වන බිය නැති කිරීම සඳහා බවත් ඒ මහතා පැවසීය.
 
 හෙතෙම මේ බැව් පැවසුවේ කොළඹ 03 කොල්ලූපිටිය, ලින්ඞ්සේ බාලිකා විදුහලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඊයේ (05 දා* උදෑසන සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද දේශපි‍්‍රය මහතා මෙසේ ද කීවේය.
 
 කොරෝනා රෝගය පැතිර යෑමේ බිය නිසා මැදිවියේ පසුවන බොහෝ දෙනා මෙවර ඡන්දය දැමීමට ඡන්ද මධ්‍යස්ථානවලට යෑමට බියක් දක්වන බව දැන ගන්නට ලැබුණා. අපි ඡන්ද මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රම අනුගමනය කිරීමට අවශ්‍ය සියලූ පහසුකම් සැලසුවා. ඒ නිසා ඡන්දය දැමීමට යෑමේදී කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ. ඒ හින්දා මමත් බය නැතුව ඡන්දය දැම්මා. වෙනදාට නම් මම ඡන්ද මධ්‍යස්ථානවලට ගියේ මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලට. නමුත් මෙවර මම ඡන්ද මධ්‍යස්ථානයකට ආවේ ඡන්දය දැමීමට ජනතාව දිරිමත් කිරීම සඳහායි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles