Divaina - පුංචි පුතු දෑතේ හොවා ගෙන පියා රෝහල කරා දිව ගියත් දරුවාගේ අවසන් හුස්ම පොද රැකගැනීමට නොහැකි විය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

daruwa555
 
 මැදවච්චිය ගයාන්
 
 මීට තෙමසකට පෙර මෙලොව එලිය දුටු මල් කැකුළුක් අකාලයේ පරව ගිය පුවතක් අපට මැදවච්චිය කනදරාව ගම්මානයෙන් අසන්නට ලැබුණි. කෙනුජ කල්හාර පේ‍්‍රමචන්ද්‍ර නමැති මාස 03 ක වයසැති මෙම බිළි`දා තමා පෝෂණය වන මව්කිරිවලින්ම මරණය කරා ගෙන ගිය එම සෝචනීය සිදු වීම මැදවච්චිය ජනතාව කම්පනයට පත් කරන්නක් වුවාය. තම මාස 03 ක කිරි කැටියා දෑතට ගෙන හිස හැරුණු අතේ දුවමින් කෙනුජ පුතුගේ පියා දරුවාගේ අවසන් හුස්ම පොද රැුක ගැනීමට කනදරාව ගම්මානයේ මහ මගදිව ගියේ විකල් වූ සිහියෙන්ය මෙනි. සැවොම කම්පා කරමින් කෙනුජ පුතු තම පියාගේ සුරතේ අවසන් හුස්ම හෙලූවේ පියාගේ ඇ`ග සි`ගිත්තාගේ දකුණු අතින් තද කර ගනිමිනි.
 
 කෙනුජ කල්හාරගේ මව්පියන් වූයේ ජයන්ත සහ ආර්.සුමිත‍්‍රා රත්නායකය. කෙනුජ මෙම පුංචි පවුලේ දෙවැනි දරුවාය. පියා සහ මවගේ ශක්තියෙන් ගොඩනැගුණු වරිච්චි බිත්ති සහිත ඉටි රෙදි සෙවිලි කළ පුංචි පැල්පතේ ආලෝකය වූ කෙනුජ පුතණුවන් තුන් මසක් ගත වන විට ඒ මතකයන් බිත්ති සතරකට සීමා කරමින් සමස්ත මිනිස් ප‍්‍රජාවටම ජීවිතයේ අනියත භාවයේ පාඩම කියා දෙමින් කනදරාව පොදු සුසාන භූමියේදී දහස් සංඛ්‍යාත ජනයාගේ හිත් සසල කරමින් අවසන් ගමන් ගියේය.
 
 කෙනුජ කල්හාර පුංචි පුතණුවන්ගේ මව හැඩූ ක`දුළින් තම පුතුගේ අවසන් හෝරාව අපට මෙසේ දිග හැරියේය. මගේ පුතා මීට දින 03 කට පෙර සිට විටින් විට අ`ඩන්න ගත්තා. මම හිතුවේ පුතාට අපි භාර හාර වෙලා තියෙන නිසා ඒවා වෙලාවට ඔප්පු කරන්න බැරි වුණ නිසා දරුවා හ`ඩනවා ඇති කියලයි. ඒ වෙලාවේ අතේ මුදල් නොතිබුණු නිසා මුදල් ලැබුණු විගස එම භාර හාර ඔප්පු කරනවා යැයි දෙවියන්ට යටි හිතින් නිතරම කො`දුරමින් තමයි මම උදේ සවස නින්දට ගියේ. පුතා අ`ඩද්දී මගේ මහත්තයා එක වචනයක් කතා කරද්දී දරුවා ඇ`ඩිල්ල නතර කරලා එයත් එක්ක ංහො`දින් හිනා වෙනවා. ඉතින් මම පෙරේදා (01* උදේ 10.00 ට විතර බබාව නාවන්න වතුර බේසමට දාපු වෙලේ ඉ`දන් දරුවා ඇ`ඩුවා. මහත්තයා එලියේ කෑම කකා හිටියේ. මහත්තයට මම කතා කලා දරුවා අ`ඩන නිසා නලවා ගන්න. එක පාරටම දරුවා වතුර බේසමේ සිටියදීම ඇ`ග ගල් ගැහුණා වගේ වුණා. මම හයියෙන් කෑ ගහලා මහත්තයට අ`ඩ ගැහුවා. මහත්තයා දුවලා ඇවිත් දරුවව වඩා ගත්තා. මහත්තයා එතනම ඇ`ද උඩින් දරුවා තියලා දරුවට තට්ටු කරලා නහයට කටින් පිම්බා. නමුත් දරුවාගේ හිටපු විදිය වෙනස් වුණේ නෑ.
 
 මහත්තයා එවෙලේම දරුවා වඩා ගෙන කෑ ගහ ගහ පාරේ දුවගෙන මැදවච්චිය ඉස්පිරිතාලේ වෙත එන්න පිටත් වුණා. මගේ මහත්තයා දරුවව තුරුළු කරන් පාරේ දුවගෙන යද්දී ආපු මෝටර් රථයක් නතර කරලා දරුවයි මහත්තයයි දාගෙන මැදවච්චිය ඉස්පිරිතාලෙට ආවා. එහිදී වෛද්‍යවරුන් පවසා සිටියේ දරුවා ඒ වෙන කොටත් මිය ගොස් සිටි බවයි. ඉන් අනතුරුව දරුවාව මරණ පරීක්ෂණය සිදු කිරීමට අනුරාධපුර ඉස්පිරිතාලෙට අරන් ගියා. අපට මරණ වාර්තාව අනුව දැන ගන්නට ලැබුණේ කිරි පිටඋගුරේ ගොස් පෙනහැල්ල පිරුණු නිසා දරුවා මැරුණා කියලයි. 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles