Divaina - සද්දන්තයා බිත්තිය පෙරළන විට ජීවිතේ බේර ගත්තේ මිදුලට පැනලා...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 

ele666

ගමේ තරුණ ජීවිත මහමඟ අලි පාගලා මැරිලා යනවා
 
 මැදවච්චිය - ගයාන් උතුරුමැද
 
 ‘‘අඩි 11 ක් පමණ උස මහා සද්දන්තයා ඔලූවෙන් ගේ බිත්තිය තල්ලූ කළා. මමයි, පුතයි ජීවිතේ බේර ගත්තේ ඉස්සරහා දොරින් මිදුලට පැනලා දුවලා. අපිට මේ වල් අලි කරදර නිසා ඇෙඟ් ලේ පිච්චි පිච්චි ඉන්න වෙලා තියෙන්නේ. මැති ඇමැතිවරු, වනජීවී එක අපේ ප‍්‍රශ්නවලදී නිහඬවෙලා’’ යැයි වනඅලි හමුවේ අසරණ වී සිටින මැදවච්චිය පී. ඒකනායන ගොවි මහතා පැවසීය.
 
 මැදවච්චිය අංක 58 තුලානේ ඉසින්බැස්සගල නව ගම්මානයට මේ දිනවල දිගින් දිගට වන අලි ප‍්‍රහාර දැඩිව එල්ල වෙමින් පවතී. පෙරේදා (03 දා* රාත‍්‍රියේද මෙම ගම්මානයට වල් අලි 03 දෙනකුගෙන් සමන්විත රංචුවක් පැමිණ දේපළ හානි සහ වගා හානි සිදු කර ඇත.
 
 එම අවස්ථාවට මුහුණ දුන් පී. ඒකනායක ගොවි මහතා:
 
 මෑතක ඉඳලා අපිට දැඩි ලෙස වල් අලි ප‍්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවෙලා. අපිට සැකයක් තිබෙනවා අපේ ප‍්‍රදේශයට පිටතින් අලි ගෙනත් දාලා කියලා. මොකද මීට පෙර හිටපු අලින්ට අපි කතා කරලා යන්න කියපුවාම ඒ සද්දන්තයන් නිහඬව යන්න යනවා. මේ දැන් ඉන්න අලින්ට කතා කළාම ඒ කතා කරන කෙනා මරන්න එළවගෙන එනවා. අපි ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. අපි රටට බරක් නැතිව ජීවත් වෙන මිනිස්සු. අපේ ප‍්‍රශ්නවලදී මැති ඇමැතිවරු, වනජීවී එකයි නිහඬයි. අපිට මේ අලි ප‍්‍රශ්නෙට ස්ථීර විසඳුමක් කඩිනමින් ලබා දෙන්න කියලා මම ජනාධිපති තුමන්ගෙන් ඉල්ලා සිටිනවා.
 
 ජී. ඒ. ලලිත් කුමාර කරුණාරත්න මහතා,
 
 මම පාර අයිනේ තැඹිලි කපලා විකුණලා, ගොවිතැනක් කරගෙන ජීවත් වෙන්නෙ. අපි මේ ගමේ ජීවත් වෙන අය. දවසින් දවස මේ ගමේ තරුණ ජීවිත ගොවි ජනතාව මහ පාරවල්වල අලි පාගලා මැරිලා යනවා. මැදවච්චිය අංක 58 තුලානේ ඉසින්බැස්සගල නව ගම්මානයට නිතරම මේ අලි ප‍්‍රහාර එල්ල වෙනවා. අලි මිනිස් ගැටුම උග‍්‍රම ස්ථානය මේ ස්ථානය වෙලා. අපිට අලි වැටක් ලබා දෙන්න. අපේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles