Divaina - තරුණ පරපුර ආකර්ෂණය වන කෘෂි ආර්ථිකයක් රටේ ගොඩනගනවා.. වාරි ඇළ මාර්ග ප‍්‍රතිසංස්කරණයට වැඩපිළිවෙළක් සකස් කරනවා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ලසිත දුමින්ද
 
 gotab444තරුණ පරපුර ආකර්ෂණය වන කෘෂි ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම පිණිස මොනරගල දිස්ත‍්‍රික්කයේ ඊයේ (31 වැනිදා* සංවිධානය කර තිබූ ජන හමුවලට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීවේය.
 
 මොනරාගල දිස්ත‍්‍රික් අපේක්ෂකයන් වන ජගත් පුෂ්පකුමාර, ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු අපේක්ෂකයන් විසින් එම ජන හමු සංවිධානය කර තිබූ අතර, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා -
 
 තරණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමු වීමේ ප‍්‍රවණතාවක් තිබෙනවා. ඔවුන් වී ගොවිතැනට ආකර්ෂණය වන කෘෂි ආර්ථිකයක් මොනරාගල දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කරගෙන ගොඩනගනවා.
 
 කුඩා භූමි ප‍්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් තාක්ෂණික ක‍්‍රමවේද භාවිතයෙන් වැඩි ගුණාත්මක අගයකින් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම තම ප‍්‍රතිපත්තියයි.
 
 දිස්ත‍්‍රික්කයේ පවතින ගොඩනැගිලි සහ පානීය ජල ප‍්‍රශ්නය විස`දන්න සිසුන් කළ ඉල්ලීමකට අනුව අදාළ අඩුපාඩු සකස් කරන ලෙසට යුද හමුදාපතිවරයාට උපදෙස් දුන්නා. ප‍්‍රදේශයට විශාල ගැටලූවක්ව පවතින වන අලි තර්ජනය විස`දීමට කටයුතු කරනවා.
 
 එසේම ඉඩම් ඔප්පු නොලැබුණු පිරිස් ඉන්නවා. වාරි ඇළ මාර්ග ප‍්‍රතිසංස්කරණයට වැඩපිළිවෙළක් සකස් කරනවා. මොනරාගල දිස්ත‍්‍රික්කයේ පවතින අඩුපාඩු ඉදිරි මහ මැතිවරණයෙන් පසුව සම්පූර්ණ කිරීමට කටයුතු කරනවා.
 
 
 
  

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles