Divaina - කලින් අභියෝගය ජය ගත්තා වගේ මේ අභියෝගයත් ජයගන්න අපට පුළුවන්...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

ලසිත දුමින්ද

කොවිඞ් වසංගතයට එරෙහිව රජය කටයුතු කළ ආකාරය  බොහෝ දෙනෙකුට අද අමතක වෙලා...
 
go300 කොවිඞ් වසංගතයට එරෙහිව වගකිව යුතු රජයක් විදිහට අප කටයුතු ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකුට අද අමතකව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.
 
 කොවිඞ් මර්දන කාර්ය සාධක බළකාය සමඟ ජනාධිපති කාර්යාලයේ පෙරේදා (14 වැනිදා* පස්වරුවේ පැවති සාකච්ඡුාවේදී එසේ කී  ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
 
 කොවිඞ් - 19 වෛරසය ඇතිවූ දවසේ සිටම ඉතා වගකීමෙන් යුක්තව රජයක් හැටියට අප කටයුතු කර තිබෙනවා. ලෝකයේ අනෙකුත් රටවල් මේ සඳහා ක‍්‍රියාත්මක වීමට පෙර වගකිවයුතු රජයක් හැටියට අපි මේ සම්බන්ධව ක‍්‍රියාමාර්ග ගත්තා. මේ කාලය තුළදී විවිධ අභියෝගවලට මුහුණ දුන්නා. මේ වසංගතයට මීට පෙර කවුරුත් මුහුණ දීලා තිබුණේ නැහැ. ජනවාරි 26 වැනිදා තමයි කාර්ය සාධක බළකාය මුලින්ම ස්ථාපනය කළේ. වෛද්‍යවරුන්, ති‍්‍රවිධ හමුදාව, බුද්ධි අංශ, පොලිසිය මේ සෑම කණ්ඩායමක්ම ඇතුළත් කරලා තමයි කාර්ය සාධක බළකාය හැදුවෙ. ජනාධිපතිවරයා හැටියට හැමදාම වගේ රාජ්‍ය බුද්ධි අංශ සේවාවේ ප‍්‍රධානියා හා හමුදාපතිවරයා සමඟ කතා කළා. අනිල් ජාසිංහ මහතා සමග සෞඛ්‍ය ඇමතිනිය සමග සාකච්ඡුා කළා. මේ සෑම අවස්ථාවේදීම රජයක් හැටියට අපි ඉතා වගකීමක් සහිතව මේ කාර්යය කළා. ඒ නිසා අපිට ඒ අවස්ථාවලදී නිසි පියවර ගන්න හැකි වුණා.
 
 මේක අද ලෝකයේ ඉහළම රටවල් පවා විශාල අභියෝගයකට පත් වෙලා තියෙන බව අපි කවුරුත් දන්නවා. රජයක් හැටියට මේ වසංගතයට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය අවස්ථාවන්වලදී නිවැරදි තීරණ ගත්තා. ඒ වගේම සෑම අංශයක්ම සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම නිසා පාලනය කරගන්නට අපි අපිට පුළුවන් වුණා. හැබැයි මේ කාලය ඇතුළත අපට අභියෝග විශාල සංඛ්‍යාවක් ඇතිවුණා. නමුත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන් වුණා. වසංගතය ආරම්භ වුණේ වූහාන් නගරයෙන්. එහි අපේ දරුවන් 34 දෙනෙක් හිටියා. රජයක් විදිහට තීන්දුවක් අරගෙන ගුවන් යානයක් යවලා ඔවුන්ව ගෙන්නුවා. දවස් 6 කින් දියතලාවේ නිරෝධායන කඳවුරක් හැදුවා. ඔවුන්ව සාර්ථකව නිරෝධායනයට ලක් කළා. දැන් ඒ ගැන ටිකක් බැලූවොත් ඒක හරියට නිකන් චිත‍්‍රපටිවල තියෙන දෙයක් වගේ. මොකද අපි දැකලා නැහැ කවදාකවත් මේ වගේ දෙයක්. නමුත් මේ අය ගෙනල්ලා ස්කොඞ් දාගෙන ගෙනිහිල්ලා ඒ විදියට අපි ක‍්‍රියා කළේ ඒ වෙනකොට අපි මේ නිරෝධායන කඳවුරු කියන ක‍්‍රමවේදයක් අහල තිබුණේ නෑ. නමුත් අපි තීරණයක් ගත්තා මේ අයව ගෙනියන්න කියලා.
 
 මේ ඉන්න අය ඔක්කොම දන්නවා අපිට නිරෝධායන කඳවුරක් හදාගන්න කොච්චර අපහසුද කියලා. මුලින්ම කඳානට ගෙනියන්න තීරණය කළාම එතන උද්ඝෝෂණය කළා. දියතලාවේ උද්ඝෝෂණය කළා. පූනානිවල උද්ඝෝෂණය කළා. ඒ වගේ එදා මේව පටන් ගන්නකොට උද්ඝෝෂණය කළා. එවැනි තත්ත්වයක් තුළ පූනානිවල තිබුණු විශ්වවිද්‍යාලය පවරා ගෙන එකේ පළමු නිරෝධායන කඳවුර ඇති කළා. ඉතාලියෙන් ආපු අය ගෙනියන විට බරපතල ප‍්‍රශ්න රැුසකට මුහුණ දුන්නා. හබරණදී ඩ‍්‍රයිවර්ගේ බෙල්ල මිරිකලා පැනලා යන්න උත්සාහ ගත්තා. එවැනි අභියෝග යටතේ තමයි මේ වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන ගියේ. පිටරට ඉඳලා මේ වෙනකොට අපි රටවල් 74 කින් 16279 දෙනෙක් මෙරටට ගෙනල්ලා පුනරුත්ථාපන කඳවුරුවලට යවලා තියෙනවා. මේකත් ලොකු අභියෝගයක්. කුවේට්වලින් පැමිණි සීයයට අනූ පහකටම කොරෝනා ආසාදිත වෙලා තිබුණේ. මේ තත්ත්වය මත අයි.ඞී.එච්. එක ඉඩකඩ මදි වුණා. තව ආරෝග්‍ය ශාලා ලබාගෙන නිසි වැඩපිළිවෙළක් සකස් කළා.
 
 අපේ ලොකුම සාර්ථකත්වය ආසාදිතයන් හඳුනාගත් වහාම ඔවුන් සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් තෝරා ගැනීමයි. පළමු, දෙවෙනි මෙන්ම තුන්වෙනි වටයෙනුත් ආසාදිතයන් හඳුනා ගත්තා. මේ හැම දෙනෙක්ම ප‍්‍රමාණය කොච්චර වුණත් මේ පුද්ගලයන් අපි නිරෝධායන කඳවුරුවලට යොමු කළා. මේ නිරෝධායන කඳවුරු හැත්තෑවක් වගේ ප‍්‍රමාණයක් වෙනකම් ඉහළට අරන් ගියා. හැත්තෑවක් වගේ සංඛ්‍යාවක් නිරෝධායන කඳවුරු විදිහට පවත්වාගෙන යනවා කියන එකත් විශාල අභියෝගයක්. ඇත්තටම හමුදාව සහ බුද්ධි අංශ මේ ක‍්‍රියාවලියට තෝරා ගන්න එක හේතුවක් තමයි මේ කාර්යය සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් කරන්න අමාරුයි. ආරෝග්‍ය ශාලාවක් පවත්වන්න පුඵවන්. කඳවුරු හදන්න, කඳවුරුවලට ආරක්ෂාව සපයන්න, කඳවුරුවලට ගෙනියන්න ඉතාම අමාරු දේවල් ආරක්‍ෂක අංශ සහ බුද්ධි අංශ එක්ව කටයුතු කළා. අවාසනාවකට වගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපන කඳවුරුකින් දැන් ප‍්‍රශ්නයක් ඇවිත් තිබෙනවා. නිසි තැන් හරියට හඳුනාගෙන ඒවාට නිසි සැලසුම් ඇතිව නිරෝධායන වැඩපිළිවෙළ කරගෙන යා යුතුයි. කලින් අභියෝගය ජය ගත්තා වගේ මේ අභියෝගයත් ජයග‍්‍රහණය කරන්න අපට පුළුවන්.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles