කොරෝනා වෛරසය ශරීරගත වීම හේතුවෙන් ජනාධිපති මැඳුරේ නිරෝධායනය වෙමින් සිටින බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝව ඉකුත් සඳුදා (13දා* දැවැන්ත පක්ෂි විශේෂයක් වන ‘යා’ පක්ෂියෙකු විසින් සිය හොටෙන් ඇන තිබේ. ‘එමු’ නැමති පක්ෂියාගේ ඥාතී පක්ෂියකු වන ‘යා’ පක්ෂියකුට ආහාර කැවීමට බ්‍රසීල ජනාධිපතිවරයා විසින් උත්සාහ ගත් අවස්ථාවේදී අදාළ පක්ෂියා විසින් ජනාධිපතිවරයාට මෙසේ ඇන තිබේ.
මෙම පක්ෂියා විසින් ජනාධිපති බොල්සොනාරෝට හොටෙන් ඇනීම සම්බන්ධයෙන් බ්‍රසීලයේ සමාජ මාධ්‍යජාලා මගින් උපහාසාත්මක සටහන් තනා පළ කිරීමට පටන් ගෙන ඇති අතර බ්‍රසීලයේ කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීමට අපොහොසත්ව සිටින බ්‍රසීල ජනාධිපතිවරයාට හොටෙන් ඇන ඇති ‘එමු’ වර්ගයේ පක්ෂියා ජනතාව නියෝජනය කරන බව බ්‍රසීලයේ සේවක පක්ෂයේ කොංග්රස් සභිකයෙකු වන මාගරීඩා සැලෝමා ඕ ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. කොරෝනා ආසාදනය සුළු උණක් හෝ සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙස හඳුන්වාදීම හේතුවෙන් ජනාධිපති බොල්සොනාරෝ බොහෝ දෙනාගේ විවේචනයට ලක් විය.
සංස්කරණය - ඒමන්ති මාරඹේ
- Hits: 445