Divaina - ජනතා ගැටලූ විසඳීමට බාධාවක් වන 19 නිවැරදි කර ගැනීමට බහුතර බලය සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍යයි- ජනපති මහනුවරදී කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p9 2ජනතාවගේ ගැටලූ විසඳීමේදී බාධාවක්ව පවතින 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි කර ගැනීමට නම් ඉදිරි මහ මැතිවරණයෙන් බහුතර බලයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහනුවර දිස්ත‍්‍රික්කයට තරග කරන අපේක්‍ෂකයන්ගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම සඳහා පෙරේදා (12 වැනිදා) මහනුවර දිස්ත‍්‍රික්කයේ සංවිධානය කර තිබූ ජනහමුවලට එක්වෙමින් එසේ කී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ජනතාවගේ ගැටලූ විසඳීමේදී බාධා එල්ල වෙනවා. එය නිවැරදි කරන්න නම් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත පර්ලිමේන්තුවක් අවශ්‍යයි. පාරම්පරික දේශීය වෛi ක‍්‍රම රැුකගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක්. දේශීය වෛi ක‍්‍රම ප‍්‍රචලිත කිරීම තුළින් විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හැකියාවක් තිබෙනවා.

ස්වයං රැුකියා සහ සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ග‍්‍රාමීය ණය ඉල්ලූම් කිරීමේදී ඇතිවන ගැටලූ රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡුා කර විසඳීමට පියවර ගන්නවා. කෘෂි බෝග අපනයනයේදී නිමි ද්‍රව්‍ය සැකසීමට ප‍්‍රමුඛතාව දී වැඩි ලාභ උපයා ගැනීමට උත්සාහ කළ යුතුයි. ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය සම්පූර්ණයෙන් නතර කර තිබෙනවා. එබැවින් ගම්මිරිස් අපනයනය කිරීමේදී අගය එකතු කිරීමේ ක‍්‍රමවේදය අනුගමනය කරන්න. එවිට වැඩි විදේශ විනිමයක් ලබන්න පුළුවන්.

අතරමැදියන්ට හසු නොවී තම අස්වැන්න රජයේ පාලන මිලට ලබා දෙන්න. වන අලි ගම්වැදීමේ ගැටලූවට විසඳුම් ලබා දෙනවා. ඒ සඳහා රජය දැනමටත් පියවර ගෙන තිබෙනවා. එසේම මිනිපේ ප‍්‍රදේශවාසීන් මුහුණ දෙන පානීය ජල ගැටලූව සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙනවා. ගුරු හිඟය සහ උසස් පෙළ දක්වා අධ්‍යාපන පහසුකම් සහිත පාසලක් හසලක ප‍්‍රදේශයට නැහැ. එම නිසා දරුවන් මුහුණපා සිටින ගැටලූව ගැන අවධානය යොමු කරනවා.

මෙම ජනහමු සඳහා මහනුවර දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ලසිත දුමින්ද

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles