Divaina - කන්දකාඩු කොරෝනා 490ට නගී - ඊයේත් ආසාදිතයෝ 94ක්: - උපදේශකයන් 4කටත් කොරෝනා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p1 1පොලොන්නරුව කන්දකාඩුහි පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයේදී ඊයේ (12 දා) සිදුකරන ලද පී. සී. ආර්. පරීක්‍ෂණවලට අනුව ‘කොවිඞ් 19’ වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 94 දෙනකු හඳුනාගෙන ඇත. ඒ අනුව කන්දකාඩු පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ සමස්ත රෝගීන් ගණන ඊයේ වන විට 490 දක්වා ඉහළ ගොස් ඇත.

එම තත්ත්වයත් සමග මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ සවස් වන විට 2605 දක්වා ඉහළ ගොස් තිබුණි. ඉන් 1980 දෙනකු ප‍්‍රතිකාරවලින් පසුව පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

තවත් රෝගීහු 614 දෙනෙක් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රෝහල්ගතව සිටිති.

කන්දකාඩු කඳවුරේ සිට නඩු කටයුත්තක් සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගෙන ආ

රැුඳවියකුට කොරෝනා වැළඳී ඇති බවට අනාවරණය වීමත් සමග හඳුනාගනු ලැබූ කන්දකාඩු කොරෝනා පොකුරෙන් තවදුරටත් රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ආරක්‍ෂක අංශ සඳහන් කරයි.

මත්කුඩුවලට ඇබ්බැහි වීම හමුවේ පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණ නියෝග මත මේ වන විට පොලොන්නරුව කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන කඳවුරුවල රඳවා සිටින රැුඳවියන් සහ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ඒවායෙහි සේවය කරන පිරිස 1150 දෙනකු බව යුද හමුදාව සඳහන් කරයි.

දැනටමත් ඔවුන් සියලූ දෙනාටම පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

මෙහිදී මතට ඇබ්බැහිවූවන් පාලනය කිරීම සඳහා එහි රාජකාරි කරන හමුදා සහ සිවිල් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබීම මේ වන විට විශාල අර්බුදයක් බවට පත්ව ඇතැයි ආරක්‍ෂක අංශ පෙන්වා දෙයි.

මත්කුඩුවලට තදින් ඇබ්බැහි වී සිටින මෙම රැුඳවියන් පාලනය කිරීම සඳහා ඔවුන් හා සමීපව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රාජකාරි කළ උපදේශක නිලධාරීහු තිදෙනක් සහ එක් නිලධාරිනියක් ද කොරෝනා වෛරසයට ගොදුරු වී සිටිති.

එම උපදේශක නිලධාරීහු කුණ්ඩසාලේ, හබරාදුව, රාජංගනය සහ මාරවිල යන ප‍්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.

මතට ඇබ්බැහි වූ කුඩු ලෝලීන් එම ව්‍යසනයෙන් ගලවා ගැනීම සඳහා මනුෂ්‍යත්වයෙන් යුතුව කැපවී රාජකාරි කිරීම එම නිලධාරීන් කොරෝනා ව්‍යසනයේ ගොදුරු වීමට ප‍්‍රධාන හේතුව බව ද යුද හමුදාව පෙන්වා දෙයි.

මෙම තත්ත්වය තුළ ඊයේ (12 වැනිදා) වන විට මෙතෙක් ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ මෙන්ම සෞඛ්‍ය අංශ විශාල පරිශ‍්‍රමයක් දරා පාලනය කරගනු ලැබූ කොරෝනා වසංගතය මෙරට සමාජය තුළට ඇතුළු වීමේ බරපතළ අවදානමක්ද මතුවී තිබිණි.

කෙසේ හෝ එම තත්ත්වය පාලනය කරමින් කොරෝනා වසංගතයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට කන්දකාඩු කොරෝනා පොකුර හමුවේත් දැඩි කැපවීමෙන් කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආරක්‍ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.

මේ සඳහා සෞඛ්‍ය උපදෙස්්වලට මුල්තැන දෙමින් රටේ ජනතාව උපරිම සහාය දැක්විය යුතු මොහොත උදාවී තිබෙන බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

සමන් ගමගේ සහ කරුණාරත්න ගමගේ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles