Divaina - විමල්ගේ විජයග‍්‍රහණයට මුරලිගෙන් සවියක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p2 4ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මහමැතිවරණ විජයග‍්‍රහණය වෙනුවෙන් දමිල ව්‍යාපාරික ප‍්‍රජාවගේ හමුවක් පෙරේදා (11 දා) සවස කොළඹ කිංස්බරි හෝටලයේදී සංවිධානය කිරීමට හිටපු ප‍්‍රවීණ ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා කටයුතු යොදා තිබිණි.

මෙම ව්‍යාපාරික හමුව ආමන්ත‍්‍රණය කිරීමෙන් අනතුරුව අමාත්‍ය විමල් වීරවංශ මහතා දමිල ව්‍යාපාරික ප‍්‍රජාව නැඟූ ප‍්‍රශ්න රැසකට පිළිතුරු ලබා දුන්නේය. ඒ මහතා ඇතැම් ගැටලූ රජයට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව පැවසීය.

මෙම ව්‍යාපාරික හමුවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ජී. රාජේන්ද්‍රන්, පිටකොටුව රෙදිපිළි ව්‍යාපාර හිමියන්ගේ සංගමයේ උප සභාපති බී. ත්‍යාගරාජා පිල්ලේ, රන් ආභරණ වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් රත්නරාජා සරවනම්, සිලෝන් හාඞ්වෙයාර් මර්චන්ට් ඇසෝසියේෂන්හි සභාපති, එස්. ටී. එස්. අරුලානන්දන් යන මහත්වරු එක්ව සිටියහ.

වසන්ත ලියනගේ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles