Divaina - මත්ද්‍රව්‍ය හා පාතාල අපරාධකරුවන්ට දැඩි ද`ඩුවම් ලබා දෙනවා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

mmmmmx
 
 අනුර බාලසූරිය , හොරණ -විදුර විජයනාථ, බුලත්සිංහල - පේ‍්‍රමරත්න
 
 පසුගිය ආණ්ඩු සමයේ වසංගතයක් ලෙස දිවයින පුරා පැතිර ගොස් තිබෙන පාතාලය සහ මත්උවදුර තුරන් කිරීමට වහාම පියවර  ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
 
 හොරණ හා බුලත්සිංහල යන නගරවලදී ඊයේ (10* පැවැති ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනහමු අමතමින් අගමැතිවරයා මේ බව පැවසීය.
 
 වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද ස`දහන් කළේය.
 
 මෙලෙස පාතාලය හා මත්උවදුර දරුණු ලෙස රටපුරා ව්‍යාප්තවීම හේතුවෙන් අපේ තරුණ පරපුර හා රටේ ජනතාව බරපතල අපහසුතාවකට පත්වුණා. මත්උවදුර ව්‍යාප්තවීම කොයිතරම් ද කියනවානම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට යොදවා සිටි ආයතනයත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පිරී ගොස් ඇති බව කෙරෙන පරීක්ෂණවලින් අනාවරණය වෙමින් තිබෙනවා. වර්තමානය වනවිට බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය සහ පාතාල ක‍්‍රියාකාරකම් මෙහෙයවන දරුණු අවදානම් තත්ත්වයක් බිහිවී තිබෙනවා. මේ තත්ත්වය නැතිකිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.
 
 ජනාධිපතිවරයා ගෙනයන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට තම රජයක් පිහිටුවීමෙන් පසු ඊට සම්පූර්ණ සහාය ලබාදෙනවා. පාතාල ක‍්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පරීක්ෂණ දැඩිකර ඒ පිළිබ`ද සමාජයට අනාවරණය කර වැරදිකරුවන්ට ද`ඩුවම් දීමට පසුබට වන්නේ නැහැ.
 
 අලූත් රටක් බිහි කිරීම ස`දහා ජනාධිපතිවරයා ගෙන තිබෙන තීන්දුව සමග යමින් යහපත් සමාජයක් බිහිකිරීම වෙනුවෙන් තම යුතුකම ඉටුකරන්න.
 
 නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා 69 ලක්ෂයකින් පමණ ජයග‍්‍රහණය කළා. ඉදිරි මහ මැතිවරණයත් ජයග‍්‍රහණය පිළිබ`දවත් අපට ගැටලූවක් නැහැ. නමුත් අපිට තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. එයයි අපේ ඉලක්කය. එ ඉලක්කය කරායි අපි ගමන් කරන්නේ. මේ වන විට අප සමග එජාප පාක්ෂිකයින් අප සමග එකතුවෙමින් සිටිනවා. අවුරුදු පහක් ආපස්සට ගිය රටක් ඉදිරියට ගෙනයාමේ වගකීම අපට තිබෙනවා.
 
 රටේ ජනතාව දැන් බොහොම පැහැදිලිව දන්නවා මේ මැතිවරණයෙන් ජයගන්නේ කවුද කියලා. ඒ විතරක් නොවෙයි එක්සත් ජාතික පක්ෂයත් දන්නවා. මේ රටේ පැරණිම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය අද දෙකට කැඩිලා. පේ‍්‍රමදාස පිලයි රනිල් පිලයි මේ මැතිවරණයට තරඟ කරන්නේ ආණ්ඩු බලය අල්ලා ගැනීමට නොවෙයි. සිරිකොත අල්ලා ගැනීමටයි. සිරිකොත දැනට තිබෙන්නේ රනිල්ගේ අතේ. සජිත් පේ‍්‍රමදාස ඒක අල්ලා ගන්නයි මේ සටන කරන්නේ. එහෙනම් මේ සිරිකොත අල්ලා ගැනීමේ සටනට අපි උදව්කළ යුතුද?මේක සිරිකොත අල්ලන්න දෙන ජන්දයක් නොවෙයි. එහෙම උණොත් ඒක අපතේ යන ජන්දයක්. ඒනිසා ජයග‍්‍රහණය කරන පොහෙට්ටුවට ජන්දය දීම තමයි එජාපයේ තරුණයන්ට තිබෙන එකම විකල්පය කියලයි මා විශ්වාස කරන්නේ.
 
 පසුගිය අවුරුදු පහේ රටට මොනවද කළේ. රට ආපස්සට ගියා. ඒ ආපස්සට ගිය අවුරුදු පහත් අල්ලලයි දැන් අපට වැඩකරන්න සිදුවී තිබෙන්නේ. අපි තිස් අවුරුදු යුද්ධය අවසන් කර රටේ සංවර්ධනය දියත්කර තිබුණා. මේ සියලූ සංවර්ධන වැඩ පසුගිය වසර පහේ ඇණහිට තිබුණේ. අපි සංවර්ධනය කර තිබූ වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපොළ පනතේ තිබූ ප‍්‍රශ්නයක් නිසා විකුණා ගැනීමට බැරිවුණා. මම ඉන්දියාවට ගිය අවස්ථාවේදී මේ ගුවන් තොටුපළ ගන්න එපා කිව්වම ඔවුන් ඒකට කන්දුන්නා. ඒ නිසා ඒක බේරගන්න පුලූවන්කම ලැබුණා.
 
 මේ විදියට රටේ සම්පත් විකිණීමට පටන්ගත්තා. මේ රටේ ජනතාවගේ ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා වෙනත් රටවලට ලබාදීමට කටයුතු කළා. මේවා පිළිබ`ද මේ රටේ ජනතාව දැනුවත්විය යුතුයි. රටේ සම්පත් මේ විදියට විකුණා දැමීමට ඉඩදෙන්න බැහැ. ඔවුන්ගේ ප‍්‍රතිපත්තිය රටේ සම්පත් විකිණීම. නමුත් අපේ ප‍්‍රතිපත්තිය සම්පත් රැුකගැනීම. ඒකයි වෙනස.
 
 විනාශයට යමින් තිබෙන රබර් ආශ‍්‍රිත කර්මාන්ත නගා සිටුවීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. යහපාලන රජය සමයේ රබර් ඇතුලූ බෝගවගාවන් නොසලකා හැරියා.කලූතර දිස්ත‍්‍රි්ක්කයේ ප‍්‍රධාන වගාවක් ලෙස රබර් වගාව කෙරෙනවා. ඉදිරියේදී හම්බන්තොට වරාය ආසන්නයේ ටයර් කර්මාන්ත ශාලවක් ඉදිවෙනවා. එයට අවශ්‍ය සියයට 35 රබර් අපෙන් ලබාදීමට අපි එකඟවී තිබෙනවා. එවිට රටපුරා රබර් වගාවේ නිරත වන ගොවීන්ට හො`ද මිලකට රබර් සැපයීමට අවස්ථාව උදාවෙනවා. එමගින් රබර්
 
 ගොවියාගේ අතමිට සරුවෙනවා.
 
 අද තේවලට හො`ද මිලක් තිබෙනවා. අපේ ආණ්ඩුවක් ය⁣ටතේ කෘෂිකර්මාන්තයේ වටිනාකම වැඩිවෙනවා. එජාප ආණ්ඩුවක් ආවම වැවිලි නිෂ්පාදනවල මිල බහිනවා. ප‍්‍රති අපනයන අපි ආපු ගමන් නවත්තපු නිසයි වැවිලි නිෂ්පාදනවල මිල ක‍්‍රමානුකූලව ඉහළට යන්නේ. මේවා අපේ වගකීම්.
 
 මම පසුගිය දිනවල මැතිවරණ කොට්ඨාස කිහිපයකටම ගියා. ජනතාව මුණගැසුනා. වැඩියෙන්ම ආවේ යූඑන් පීයට වැඩකරපු අය. ඔවුන් ඇවිත් කියන්නේ ඔවුන් සමග හිටියා ඇති පක්ෂයට නායකත්වයක් නැහැ එවැනි ප‍්‍රතිපත්තියක් නැති පක්ෂයක් සමග කටයුතු කිරීමෙන් ඵලක් නැහැ ඒනිසා අපත් සමග එකතුවෙනවා කියලයි.එජාපයේ වැඩපිළිවෙණ මේ රටේ තරුණ පිරිසට දැන් තේරෙනවා. ඔවුන්ගේ ඡුන්දය අපතේ යවන්න සූදානම් නැහැ. යුද්ධය අවසන් කළා වගේ කොවිඞ් වසංගතයෙනුත් මේ රට බේරාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළා.
 
 ජනතාවගේ හදවත අපි දන්නවා. ඒ නිසා අපත් සමග අත්වැල් බැදගන්න
 
 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට. එතුමගේ වැඩපිළිවෙල දියත් කිරීමට එතුමාට සහයෝගය දෙන ආණ්ඩු පක්ෂයක් හැරවෙනත් පක්ෂයකට ජන්දය දීමෙන් ඵලක් නැහැ. මේ මැතිවරණයට අපි හොද කණ්ඩායමක් ඉදිරිපත්කර තිබෙනවා.
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා,
 
 මහින්ද අගමැති තුමා දාලා
 
 නොගිය අය ගැන ජනතාව කල්පනා කළ යුතුයි. මනාප දීමේදී අද ඊයේ පාත්වුණ අය ගැන හිතන්න එපා. ඔවුන් අවස්ථාවාදීන්. ඔවුන් සමඟ ස්ථාවර ආණ්ඩු හදන්න අපට බැහැ. ඔවුන් සල්ලිවලට යටයි. අවංක ලෙංගතු, විශ්වාසනීය පිරිසක් අපට සිටිය යුතුයි. එහෙ මෙහෙ පනින අයට ඡුන්දය දෙන්න එපා කියා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 
 හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා,
 
 දැන් මුහුණු පොතෙන් මතයක් ගෙනියනවා අගමැති මහින්ද රාජපක්ෂ මහතාව අයින් කරන්න ඕනෙ කියලා. මේක කුමන්ත‍්‍රණයක්. මහින්ද මහතා මෙතනින් අයින් කළාම ජනාධිපතිතුමන් තනි වෙනවා. එවිට ගෝඨාභය ජනාධිපති තුමාව දඩයම් කරන්න හතුරාට ලේසියි. මහින්ද මහතා මානසිකව ශක්තිමත්ව සිටින තුරු අපේ කණ්ඩායමේ නායකයා බව මම අද හොරණදී නැවතත් කියනවා. බොරු වළවල් කපන අයගෙන් හා මුරුන්ගා අතුවල තබන
 
 අයගෙනුත් ඔබතුමා පරිස්සම් විය යුතුයි. ප‍්‍රතිපත්තියක් නැති දේශපාලනය මෙවර මැතිවරණයෙන් අප අතුගා දැමිය යුතුයි.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles