Divaina - පරිසර නිලධාරියාට කඩුවලින් පහරදුන් යාපනයේ 'ජාගන්' කල්ලිය අත්අඩංගුවට.. බෝම්බ, කඩු හා හමුදා ඇඳුම් තොගයක්‌ සොයාගනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1


 
 දිනසේන රතුගමගේ
 
jugath500350 මධ්‍යම පරිසර අධිකාරියේ යාපනය දිස්‌ත්‍රික්‌ නිලධාරියාට පහරදී කඩුවලින් කපන ලද සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනකු බෝම්බ, කඩු හා යුද හමුදා ඇඳුම් තොගයක්‌ සමග යාපනය පොලිසිය විසින් පෙරේදා (09 දා) අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙම සැකකරුවන්ගේ යාපනයේ, මල්ලාකම් ප්‍රදේශයේ පිහිටි නිවෙස්‌ සෝදිසි කිරීමේදී අත්බෝම්බයක්‌, කඩු තුනක්‌, යතුරුපැදි දෙකක්‌, යුද හමුදා ඇඳුම් තොගයක්‌ හා මෙම සැකකරුවන්ගේ නොවන ජාතික හැඳුනුම්පත් කිහිපයක්‌ පොලිසිය විසින් සොයාගෙන තිබේ.
 
 පොන්නම්බලම් ප්‍රකාෂ් නමැති මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියා යාපනය දිසාපති කාර්යාලයේ සේවය සඳහා යතුරුපැදියකින් 8 දා පැමිණෙමින් සිටියදී දිසාපති කාර්යාලයේ ගේට්‌ටුව ඉදිරිපිටදී මෙම නිලධාරියාට පහරදී කඩුවලින් කපා මෙම සැකකරුවන් පලාගොස්‌ තිබුණි.
 
 බරපතළ ලෙස තුවාල ලැබූ එම නිලධාරියා තවමත් යාපනය ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුට පහරදීම සිදුකොට ඇත්තේ යාපනයේ ක්‍රියාත්මක zජාගන්Z නමැති කඩු කල්ලිය විසින් බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.
 
 එම කණ්‌ඩායමේ නායකයා වන කයිලේස්‌ නමැත්තාව යාපනයේ මරදානමඩම් ප්‍රදේශයේදී ඇල්ලීමෙන් පසුව ඊට සම්බන්ධ අනෙක්‌ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
 
 මෙම කණ්‌ඩායම යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් භාවිත කරමින් යාපනයේ විවිධ අපරාධ සිදුකොට තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles