Divaina - කොත්මලා ඔය ඉවුරේ ගල් බෙනයකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් හමුවෙයි... ඩෙටනේටර් 99 ක්, සී 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝවක්... යුද හමුදාව භාවිත කරන දුම්බෝම්බ 8ක්

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


ඡුායාරූප හා සටහන - නුවරඑළිය නාලක රත්නායක

explos500

 ඡුායාරූප විස්තරය  ගල් බෙනයක තිබූ පුපුරන ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයාගන්නා අයුරු.  සොයාගත් පුපුරන ද්‍රව්‍ය තොගය.
 

 
 නාවලපිටිය පොලිස් වසමට අයත් මාවතුර දඹගල්ල ප‍්‍රදේශයේ කොත්මලා ඔයේ ඉවුරේ ගල් බෙනයක තිබී පුපුරන ද්‍රව්‍ය රැුසක් පෙරේදා (06දා* පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.පී. කළුගම්පිටිය මහතා පැවසීය.
 
 කොත්මලේ ජලාශයට පහළින් වූ කොත්මලා ඔයේ ඉවුරේ ගල් බෙනයක පුපුරන ද්‍රව්‍ය රැුසක් ඇති බවට එම ඔයේ දිය නෑමට ගිය තරුණයන් පිරිසක් විසින් දැක ඒ බැව් නාවලපිටිය පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
 
 ගල් බෙනයක තිබූ ඩෙටනේටර් 99 ක්, සී 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප‍්‍රමාණයක් සහ යුද හමුදාව උත්සව අවස්ථාවල භාවිත කරනු ලබන දුම්බෝම්බ අටක්ද මෙසේ සොයාගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
 
 ගල්බෙනයේ තිබී හමු වූ ඩෙටනේටර් 99 මහනුවර පොලිස් විශේෂ කාර්ය බළකා ක`දවුරේ පොලිස් නිලධාරින් විසින් ආරක්ෂිත හේතුන් මත එම ස්ථානයේදීම පුපුරවා විනාශ කර ඇත. හමු වූ සී 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප‍්‍රමාණයක් සහ දුම්බෝම්බ 8 වැඩිදුර පරීක්ෂණ සඳහා නාවලපිටිය පොලිසිය වෙත භාර දී ඇත.
 
 ගල් බෙනයේ තිබූ පුපුරන ද්‍රව්‍ය කිසියම් පිරිසක් විසින් රැුගෙන විත් ස`ගවන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු සැකකරති.
 
 සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.පී. කළුගම්පිටිය මහතාගේ අධීක්ෂණය යටතේ නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් විමර්ශන සිදු කරති.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles