Divaina - වන අලි තර්ජනයට ස්ථිර විසඳුමක් ලබා දෙනවා - පොළොන්නරුව -පුත්තලම ජන හමුවලදී ජනපති පවසයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p9 1වන අලි තර්ජනයට ස්ථීරසාර විසඳුමක් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය මහතා ඉකුත්දා පැවසීය.
 
 ඉදිරි මහ මැතිවරණයට තරග වැදී සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම පිණිස පොළොන්නරුව සහ පුත්තලම යන ප‍්‍රදේශවල පැවති ජන හමුවලට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීවේය.
 
 පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැුසක පාසල්වල පැවති ගුරු හිගය ඇතුළු වෙනත් අඩුපාඩු පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතා හිටපු ඇමැති රොෂාන් රණසිංහ මහතාට මෙහිදී දැනුම් දුන්නේය.
 
 එසේම කුඩා පරිමාණ මැණික් කර්මාන්තකරුවන්ට පරිසරයට හානි නොවන ආකාරයෙන් සිය කර්මාන්ත කරගෙන යන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
 
 නිරන්තරයෙන් ජල ගැලීම්වලට ගොදුරු වන පුත්තලම නීලබැම්ම ග‍්‍රාමය සම්බන්ධයෙන් අදාළ අංශවල අවධානය යොමුකර විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
 
 අනවසරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ නොරොච්චෝලෙයි තාප බලාගාරයේ ගිවිසුම් ප‍්‍රකාරව ප‍්‍රදේශයේ ජනතාවට රැුකියා අවස්ථා නොලැබීම සම්බන්ධයෙන් ද කඩිනමින් විසඳුමක් ලබාදෙන බව මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රැස්ව සිටි පිරිසට එක`ගතාව පළ කළේය.
 
 මෙම ජන හමු සඳහා හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ, හිටපු නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, සනත් නිශාන්ත පෙරේරා, ප‍්‍රියංකර ජයරත්න, අරුන්දික ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles