Divaina - ගොවීන්ගේ සියලූ ගැටලූ විසඳා කෘෂිකර්මාන්තයට රටේ ප‍්‍රමුඛස්ථානය දෙනවා... පොදුජන පෙරමුණ මැතිවරණ වැඩසටහනට එක්වෙමින් ජනපති අනුරාධපුරයේදී කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

gotab444


 පවතින ගැටලූ සහ අඩුපාඩු විසඳා කෘෂිකර්මාන්තයට රටේ ප‍්‍රමුඛස්ථානය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.
 
 කෘෂිකර්මයේ නිරත ගොවි ජනතාව මුහුණපාන පොහොර සහ ජල හිඟය ආදී ගැටලූ නිරාකරණයට රජය පියවර ගනිමින් සිටින බවත්, ගෙවීම් නොකිරීම නිසා පොහොර ආනයනය ප‍්‍රමාද වී තිබෙන බවත් අස්වැන්නට නිසි මිලක් සහ වෙළෙඳපොළක් නොලැබීමෙන් අසරණව සිටින ගොවි ජනතාව රැුක ගන්නා බවත් ජනාධිපතිතුමා පැවසීය.
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට එක්වෙමින් ඊයේ (03 දා* අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කළ චාරිකාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
 
 තලාව තම්මැන්නාව නිදහස් උයන ග‍්‍රාමයේ චාරිකා කළ රාජපක්‍ෂ මහතා, ප‍්‍රදේශයේ ජනතාව සමග සුහද කතාබහක නිරත වෙමින් ඔවුන් මුහුණපා සිටින ගැටලූ විමසා බැලීය.
 
 ඊරියගම වැව ද ජනාධිපතිතුමාගේ නිරීක්‍ෂණයට ලක් වූ අතර එහි අඩුපාඩු සහ ජල සැපයුම පිළිබඳව සොයා බැලිණ. පවතින ගැටලූවලට කඩිනම් විසඳුම් දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නේවාසික කළමනාකරුට උපදෙස් දුන්නේය.
 
 අමාත්‍ය එස්. එම්. චන්‍ද්‍රසේන, පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් යන මහත්වරු ද මේ  අවස්ථාවට එක්ව සිටියහ.
 
 හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කලාවැව, වැව් තාවුල්ලේ සංවිධානය කළ ජනතා හමුවට ද ජනාධිපතිතුමා සහභාගි විය.
 
 ප‍්‍රදේශයේ මාර්ග අලූත්වැඩියාවේ වත්මන් තත්ත්වය සහ කෘෂි කටයුතු පිළිබඳව ජනාධිපතිතුමා ජනතාවගෙන් තොරතුරු විමසීය.
 
 වැව් තාවුල්ල අසල පිහිටි කඩවර දේවාලය වෙත ගිය ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තේය.
 
 කැකිරාව නගරයට පැමිණි ජනාධිපතිතුමා කුඹුක්සෙවණ ඉඩම ප‍්‍රදේශයේ පැවැති ජනහමුවට සහභාගි විය. පොදුජන පෙරමුණේ අපේක්‍ෂක වීරසේන ගමගේ මහතා විසින් එය සංවිධානය කර තිබිණ.
 
 ප‍්‍රදේශයේ මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු සහ ප‍්‍රදේශවාසී ජනතාව ද ඊට එක්ව සිටියහ. ඔවුන් සමඟ සුහද කථාබහක නිරත වූ ජනාධිපතිතුමා ගොවි ජනතාව මුහුණ දී සිටින ජල සහ වෙනත් ගැටලූ පිළිබඳව සිය අවධානය යොමු කළේය.
 
 විවිධ ජන කොටස් නියෝජනය කරන ප‍්‍රදේශයේ ජනතාව සංස්කෘතික ගැටලූ පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කළහ.
 
 කැකිරාව වෙළෙඳ සංගමය විසින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ යෝජනාවලියක් ද රාජපක්‍ෂ මහතා වෙත භාරදුන් අතර, ගණදෙවි කෝවිලේ අලූත්වැඩියා කටයුතු පිළිබඳව ද ජනාධිපතිතුමා විමසා බැලීය.
 
 පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ටී. එම්. ආර්. සිරිපාල මහතා සංවිධාන කළ ජනහමුව මිහින්තලේ, ගල්කුලමේදී පැවැත්විණි. ඊට සහභාගි වූ ජනාධිපතිතුමා වැඩම කර සිටි මහා සංඝරත්නය සහ ජනතාව සමඟ කෙටි පිළිසඳරක නිරත වූයේය. එහිදී ජනාධිපතිතුමා ජනතාව ඉදිරිපත් කළ ගැටලූ පිළිබඳව සිය අවධානය යොමු කළේය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles