Divaina - වරාය වෘත්තීය සමිති නායකයෝ 3ක් දොඹකරයක් උඩ උපවාසයේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p1 2- ග‍්‍රැන්ටි දොඹකර 3 නැගෙනහිර පර්යන්තයේ සවි කරන්න

- කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකරන බවට වරාය සභාපතිවරයා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පොරොන්දු වූ මෙරටට ගෙන්වා ඇති ග‍්‍රැන්ටි දොඹකර තුන එහි සවිකරන ලෙස බලකරමින් වරාය වෘත්තීය සමිති තුනක ප‍්‍රධානීහු තිදෙනෙක් ඊයේ (01 වැනිදා) වරාය දොඹකරයක් මත නැගී උපවාසයක් අරඹනු ලැබූහ.

මෙහිදී වෘත්තීය සමිති ප‍්‍රධානීන්ට සහාය පළ කරමින් වරාය සේවකයෝ රැසක්ද එම ස්ථානයට එක්ව සිටියහ.

වරාය වාණිජ කර්මාන්ත ප‍්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් සංජය කුමාර වැලිගම, ස්වාධීන ටග් සේවක සංගමයේ සභාපති නුවන් රූපසිංහ සහ වරාය මුදල් අංශ ස්්වාධීන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් හර්ෂණ මධුරංග යන මහත්වරුන් දොඹකරයක් මත නැගී මෙසේ උපවාසය අරඹා ඇත.

පසුගිය යහපාලන රජය සමයේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමට පිඹුරුපත් සැකසීමේදී ජයබහලූ පර්යන්තයේ පස්වන අදියර ස`දහා යැයි පවසමින් ජනතාව නොම`ග යැවීම ස`දහා මෙම දොඹකර තුන චීනයෙන් ආනයනය කිරීමට ගිවිසුම්ගත වූ බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වරාය වාණිජ කර්මාන්ත සහ ප‍්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් සංජය කුමාර වැලිගම මහතා ‘දිවයින’ට පැවසීය.

එසේ වුවද ජයබහලූ පර්යන්තයේ මෙම දොඹකර ති‍්‍රත්වය ස්ථාපිත කිරීමට මේ දක්වා කිසිදු ඉදිකිරීමක් සිදු කර නොමැති බව පැවසූ ඒ මහතා එම තත්ත්වය තුළ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වරාය ඇමැතිවරයා සහ සභාපතිවරයා ප‍්‍රධාන අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් මෙම දොඹකර තුන නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබූ බවද ස`දහන් කළේය.

හෙතෙම ඒ බව කියා සිටියේ පවතින සේවක විරෝධතා හමුවේ වරාය සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා අදාළ දොඹකර ගෙන්වනු ලැබුවේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට නොවන බවට මාධ්‍යයට කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලෙසිනි.

මේ වන විට අදාළ දොඹකර තුන නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට අවශ්‍ය සියලූ මූලික ඉදිකිරීම් නිමකර තිබෙන බව පෙන්වා දෙන වරාය වෘත්තීය සමිති දැනට වරාය සේවකයන් විසින් සියයට හැත්තෑවක් පමණ වැඩ නිමවා තිබෙන නැගෙනහිර පර්යන්තයේ මෙම දොඹකර තුන සවි කිරීමෙන් කඩිනමින් එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකි බවද පවසයි.

එසේ තිබියදී එය නොතකා හරිමින් මෙම දොඹකර තුන ජයබහලූ පර්යන්තයේ සවි කිරීමට කටයුතු කළහොත් එහි මෙහෙයුම් කටයුතු මාස දෙක තුනකට අත්හිටුවීමට සිදුවන බවද වෘත්තීය සමිති ප‍්‍රධානීහු ස`දහන් කරති.

p1 3එමගින් සිදුවන්නේ වරාය මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටින පෞද්ගලික ආයතන දෙකකට එකී මෙහෙයුම් කටයුතු සිදුකිරීමට අවස්ථාව හිමිවීම බවද වැඩිදුරටත් පෙන්වා දුන් වරාය වාණිජ කර්මාන්ත ප‍්‍රගතිශීලී සංගමයේ ලේකම් සංජය කුමාර වැලිගම මහතා ඉන් රටට සිදුවන පාඩුව අති විශාල එකක් යැයි ද පැවසීය.

පාලකයන් මේ මොහොතේ අනවශ්‍ය ගැටලූවක් නිර්මාණය කරමින් උත්සාහ දරනුයේ එසේ පෞද්ගලික අංශය පෝෂණය කර යම් වරදානයක් ලබා ගැනීමටදැයි වරාය සේවකයන් තුළ බරපතළ සැකයක් මතු වී තිබෙන බවද හෙතෙම කීය.

මෙම දොඹකර තුන කොළඹ වරායට ළ`ගා වී දැනට දින දොළහක් ගතවී තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා, ඒවා නැගෙනහිර පර්යන්තයේ සවි නොකොට නැව්ගත කර තබා ගැනීම හේතුවෙන් ප‍්‍රමාද ගාස්තු ලෙස එක් දිනකට අදාළ නෞකාවට ගෙවීමට සිදුව ඇති මුදල රුපියල් ලක්‍ෂ එකසිය දහයක් පමණ වන බවද පෙන්වා දුන්නේය.

පවතින තත්ත්වය හමුවේ අදාළ දොඹකර තුන කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ සවිකර ගැටලූවට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස පාලකයන්ට බල කරන බවද කී ඒ මහතා, එසේ නොවුණහොත් සියලූ රාජකාරි නවතා වැඩවර්ජනයක් දක්වා ගමන් කිරීමට වරාය වෘත්තීය සමිති විසිතුනකින් සැදුම්ලත් නැගෙනහිර පර්යන්තය සුරැුකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව මේ වන විට තීරණය කර ඇති බවද පැවසීය.

සමන් ගමගේ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles