Divaina - පිටිපන නිවසක තවත් පාතාල අවි ගබඩාවක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p1 1- අත්බෝම්බ, ගිනිඅවි හා උණ්ඩ සමග කතක් අල්ලයි

- බොඩි ආමර් දෙකක්ද සොයාගනී

- හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය තවත් පාතාල අවි  ගබඩාවක් වැටලූ හෝමාගම පොලිසිය ග්‍රෙනේඞ් වර්ගයේ අත්බෝම්බ 07 ක්, රිපිටර් ගිනිඅවි ඇතුළු අවි ආයුධ තොගයක් සමග කාන්තාවක් ඊයේ (01 දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්බෝම්බ සහ අවි ආයුධ කොස්ගොඩ තාරක නමැති පාතාල නායකයාට අයත් ඒවා බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම අවි ගබඩාව පවත්වාගෙන ගොස් ඇත්තේ මීට දින තුනකට උඩදී හෝමාගම පිටිපනදී අත්අඩංගුවට ගත් අවි ආයුධ තොගය සඟවා තිබූ ගෘහභාණ්ඩ අලෙවිසලේ හිමිකරුට අයත් නිවසක බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ආයුධ අතර ග්‍රෙනේඞ් බෝම්බ 07 ක්, රිපිටර් ගිනි අවියක්, බොඩි ආමර් 02 ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 77 ක්, රිපීටර් ගිනි අවියට යොදන උණ්ඩ 04, හඳුනා නොගත් උණ්ඩ 04 ක් තිබී ඇත.

මෙම වැටලීමේදී හෙළි වූ තොරතුරු මත තවත් පාතාලයේ අවි ආයුධ සොයා හෝමාගම පොලිසිය ඊයේ සවස්වනතුරු සිය මෙහෙයුම් ක‍්‍රියාත්මක කළේය.

මීට දින තුනකට පෙර හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ ගෘහභාණ්ඩ අලෙවිසලක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය ටී. 56 ගිනි අවි 11 ක් සහ ටී. 81 වර්ගයේ ගිනි අවියක් අත්අඩංගුවට ගෙන තිබිණි.

විමර්ශනවලදී හෙළිව තිබුණේ මෙම අවි ආයුධ තොගය කොස්ගොඩ තාරක නමැති පාතාල නායකයාට අයත් ඒවා බවයි.

හෝමාගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රසන්න මහතාට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අවි ආයුධ තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය සහ නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රදීප් රත්නායක මහත්වරුන්ගේ උපදෙස් මත මෙහෙයුම් ක‍්‍රියාත්මක කරගෙන යයි.

හේමන්ත රන්දුණු
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles