Divaina - ඇමරිකාවෙන් දිනකට කොරෝනා ආසාදිතයින් ලක්ෂයක් වාර්තා වීමේ අවදානමක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p3 4මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වසංගතය පැතිරීම පාලනය කර නොමැති නිසා ඉදිරියේදී රටෙන් දිනකට කොරෝනා ආසාදිතයින් ලක්ෂයක් බැගින් වාර්තා වුවද තමන් පුදුම නොවන බව ඇමරිකාවේ සිටින ප‍්‍රධාන පෙළේ වසංගත රෝග පිළිබඳ පර්යේෂකයෙකු වන ඇන්තනි ෆවුකි ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ ප‍්‍රකාශ කර තිබේ.
 
 ඇමරිකානු ජනතාවගෙන් වැඩි දෙනෙකු මුහුණු ආවරණ නොපලඳිමින් සමාජ දුරස්ථභාවය පවත්වා  නොගැනීම හේතුවෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව වෛද්‍ය ෆවුකි කියා තිබේ. පෙරේදා සිවු වැනි දිනයටත් ඇමරිකා එක්සත් ජනපදයෙන් දෛනිකව කොරෝනා ආසාදිතයින් 40,000 ක අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබිණි.
 
 කොරෝනා වසංගතය පැතිරීම පාලනය කර නොමැති නිසා ඉදිරියේදී රටෙන් දිනකට කොරෝනා ආසාදිතයින් ලක්ෂයක් බැගින් වාර්තා වුවද තමන් පුදුම නොවන බව ඇමරිකාවේ සිටින ප‍්‍රධාන පෙළේ වසංගත රෝග පිළිබඳ පර්යේෂකයකු වන ඇන්තනි ෆවුකි ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ ප‍්‍රකාශ කර තිබේ.
 
 ඇමරිකානු ජනතාවගෙන් වැඩි දෙනෙකු මුහුණු ආවරණ නොපලඳිමින් සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම හේතුවෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව වෛද්‍ය ෆවුකි කියා තිබේ. කොරෝනා වසංගතය පැවතියදී රට අගුලූ දැමීම යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ වසා දමා තිබූ පාසල් හා ව්‍යාපාරික ස්ථාන නැවත විවෘත කිරීමට යෑම සම්බන්ධයෙන් සෙවීම සඳහා පත් කර ඇති සෙනෙට් කමිටුව ඉදිරියේ පෙරේදා (30* සාක්කි දෙමින් ඇමරිකාවේ ආසාත්මිකතාවන් හා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ ප‍්‍රධානියා ද වන වෛද්‍ය ෆවුකි විසින් මෙහිදී කොරෝනා වසංගතය පාලනය කිරීමේ ඉලක්ක සපුරා නොගෙන ප‍්‍රාන්ත විවෘත කිරීමට යෑම පිළිබඳව ප‍්‍රාන්ත බලධාරීන්ව විවේචනයට ලක් කර තිබේ.

p5 4
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles