Divaina - කොරෝනා ආසාදිතයින්ගේ මළ සිරුරු කසළ ඇසුරුම්වල දමා ගැඹුරු වළකට පෙරළයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p5 3- කර්ණාටක ප‍්‍රාන්තයේ බලධාරීහු  සිද්ධිය පිළිබඳව සමාව ඉල්ලති
 
 දකුණු ඉන්දීය ප‍්‍රාන්තයක් වන කර්ණාටක ප‍්‍රාන්තයේ කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයින් 08 දෙනෙකුගේ මෘත දේහයන් කිසිදු ගරුත්වයක් නොමැතිව ගැඹුරු වළකට පෙරළා දැමීමට ප‍්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයින් පිරිසක් විසින් ක‍්‍රියා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කර්ණාටක ප‍්‍රාන්තයේ බෙලරි දිස්ත‍්‍රික්කයේ බලධාරීහු මිය ගිය අයගේ පවුල්වල සාමාජිකයින්ගෙන් කොන්දේසි රහිතව සමාව ඉල්ලා තිබේ.
 
 මෙම කොරෝනා ආසාදිතයින්ගේ මළ සිරුරු විශාල කළු පැහැති කසළ ඇසුරුම්වල (බෑග්* බහා මෙසේ ගැඹුරු වළකට පෙරළා දමන අයුරු ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ වෛරසයක් මෙන් හුවමාරු වීමත් සමගම එම සිද්ධිය සත්‍ය බව බෙලරි දිස්ත‍්‍රික්කයේ බලධාරීන් විසින් පිළිගෙන තිබිණි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ගිය මෙම වීඩියෝ පටවල ආරක්ෂිත ඇඳුම් පැළඳි සෞඛ්‍ය සේවකයින් පිරිසක් විසින් කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයින් 08 දෙනෙකුගේ මළ සිරුරු බහාලූ කළු පැහැති කසළ බහාලන ඇසුරුම් මෙසේ ගැඹුරු වළකට පෙරළා දමනු දැක්වේ.
 
 මෙම වීඩියෝ පට නැරඹූ පිරිස් අදාළ සිදුවීමට එරෙහිව හඬ නැගීමත් සමගම සිද්ධිය සිදු වූ බෙලරි දිස්ත‍්‍රික්කයේ බලධාරීහු මිය ගිය අයගේ පවුලේ සාමාජිකයින්ගෙන් සමාව ඉල්ලා තිබේ. සිද්ධිය පිළිබඳව මාධ්‍යයට ප‍්‍රකාශයක් සිදු කර ඇති බෙලරි දිස්ත‍්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයෙකු වන එස්.එස්. නකුලා පවසා ඇත්තේ මෙම සිදුවීම පිළිබඳව දිස්ත‍්‍රික් බලධාරීන්ට සිත් රිදවීමක් ඇති වූ බවත් අදාළ සෞඛ්‍ය සේවකයින් මිය ගිය ආසාදිතයින්ගේ මෘත ශරීර බැහැර කළ ආකාරය නියමිත ක‍්‍රියාදාමයට අයත් නොවන බවයි.
 
 මෙම සිදුවීමෙන් පසු එසේ වැරදි අයුරින් කොරෝනා ආසාදිතයින්ගේ මළ සිරුරු බැහැර කළ සේවකයන් එම කාර්යයෙන් ඉවත් කර මෘත දේහයන් සංවේදී අයුරින් බැහැර කළ හැකි පිරිසක් සේවයේ යෙදවීමට බලධාරීන් විසින් පියවරගෙන තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles