Divaina - එක රටක් එක නීතියක් කියූ ගෝඨාභය සිංහල අවුරුදු, වෙසක්, පොසොන් තහනම් කරද්දී තොන්ඩමන් මියගිය විට පෙළපාලි යෑමට ඉඩ දුන්නා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


  සටහන හා ඡුායාරූප: විජයසිරි විiාසේකර - කළුතර සමූහ
 
cha500 අපට ආණ්ඩු බලය තිබිලත් අපි ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැරදුණා. මීට පෙර කවුරුවත් එහෙම පැරදිලා නැහැ. මෙහෙම වෙන්න අපේ ලොකු අඩුපාඩුවක් ප‍්‍රශ්නයක් තිබෙනවා යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පෙරේදා (28 දා* සවස කළුතරදී ප‍්‍රකාශ කළේය.
 
 ඒ මහතා එසේ ප‍්‍රකාශ කළේ සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ති‍්‍රක්කයට තරග වදින නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතාට සහය දැක්වීම සඳහා කලූතර ෆැනොරාමා හෝටලයේ පැවැති ජන හමුවකදීය.
 
 එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
 
 අද පොලිසියේ මහත්වරු ආණ්ඩුවේ අයට එක විධියකටත්, විපක්‍ෂයේ අයට තව විධියකටත් සළකනවා. කාර්යාලවල පෝස්ටර් කටවුට් ඉවත් කිරීමේදී අපක්‍ෂපාතීව කටයුතු නොකිරීම ගැන මැතිවරණ කොමිසම පියවරක් ගත යුතුව තිබෙනවා.
 
 අප ජනාධිපතිවරණයේදී අන්ත පරාජයක් ලබා ගත්තා. මින්පෙර හිටපු ජනාධිපතිවරු දෙවරක් ජයගෙන තිබෙනවා. මෙහෙම වෙන්න ලොකු ප‍්‍රශ්නයක් තිබිල තියෙනවා.
 
 පසුගිය රජය විශාල වැඩකොටසක් කළා. කළුතර දිස්ති‍්‍රක්කයේ සංවර්ධන ව්‍යාපෘති රැුසක් කි‍්‍රයාත්මක කළා. මා බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය භාරව සිටියදී මෙම ව්‍යාපෘති අධීක්‍ෂණය කළේ නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතායි.
 
 කළුතර දැන උගත් ජනතාව ඊට එහා ගිය දෙයක් බලාපොරොත්තු වුණා. රාජපක්‍ෂ යුගයේ ¥ෂණ වංචා සහ සුදු වෑන් ආදී කටයුතු ගැන සොයා බලා යුක්තිය ඉටුකරාවි කියල ජනතාව බලාපොරොත්තු වුණා. අපේ ආණ්ඩුවේ හිටපු ඞීල්කාරයන් 4-5 දෙනෙක් වංචාකාරයන්ව ආරක්‍ෂා කළ බව මිනිසුන්ට තේරුණු නිසා මිනිස්සු අපව අත්හැරියා.
 
 ප‍්‍රධානම දේ මහ බැංකු වංචාව. ඒක බොරුවක් නෙවෙයි. 2008 වසරේ ඉඳලම මේ වංචාව සිදුකළ බවට වාර්තාවල සඳහන් වෙනවා. අර්ජුන මහේන්ද්‍රන්ලා, ඇලෝසියස්ල කනෙන් අල්ලාගෙන එන බව ආඩම්බරයෙන් කීවත් මාස 8 ක් ගිහිල්ලත් අල්ලන පාටක් නැහැ.
 
 ෂාෆි ශාබ්දීන් සිංහල කාන්තාවන් වඳ භාවයට පත්කළ බව වේදනාවෙන් කතා කළා. අද ශාෆි ශාබ්දීන් වැඩට ගියා. ඒක පෙන්වපු ඩිරෙක්ටර් ගෙදර ගියා. හිස්බුල්ලාගේ විශ්වවිiාලය ජනසතු කළාද කියල අපි අහන්න කැමතියි.
 
 තමා සිංහල හමුදා සෙබළුන් 2000 ක් 3000 ක් ඝාතනය කළ බව කරුණා ප‍්‍රකාශ කිරීමත් සමග ආණ්ඩුවේ දේශපේ‍්‍රමීත්වය නිරුවත් වුණා. උතුරේදී හමුදා සෙබළුන් මැරූ බව කියමින් වීරයින් වන මොවුන් දකුණේද දෙමළ අය මැරූ බව කියමින් වීරයින් වෙනවා.
 
 එක රටක් එක නීතියක් කියල ගෝඨාභය කියනවා. නිරෝධායන නීති යටතේ සිංහල අවුරුදු වෙසක්, පොසොන් හා සිල් ගැනීමත් තහනම් කරපු ආණ්ඩුව තොන්ඩමන් මිය ගියාම ජීවන් තොණ්ඩමන්ට මහින්දානන්දලාට පෙළපාලි යන්න ඉඩ දුන්නා.
 
 කොරෝනා වළක්වා ගන්න අපට එක දෙයයි කරන්න තිබුණේ. ගුවන්තොටුපළ වැහුවා නම් ඒක කර ගන්න තිබුණා. එසේ නොකළ ආණ්ඩුව මේ රටට කොරෝනා ආ එකේ වගකීම භාරගත යුතුයි.
 
 ඇඳිරි නීති සමයේ රටේ ආර්ථිකය විනාශ වුණා. ව්‍යාපාරිකයන්ට බදු සහන දීලා බදු ආදායම අඩුකර ගත්තා. අපේ රජයක් යටතේ ධනපතියන්ට බදු ගහල කොවිඞ් වසංගතයෙන් බැට කෑ අයට මසකට රුපියල් 20 දාහ ගණනෙ ගෙවීමට කටයුතු කරනවා. ඉදිරියේදී මේ රජය ජල හා විදුලි බිල් වැඩි කිරීමට කටයුතු කරනවා. අවසන් වරට විදුලි බිල් වැඩි වුණේ 2013 වසරේ මහින්ද රාජපක්‍ෂ රජය කාලයේයි.
 
 කළුතර දිස්ති‍්‍රක් සමගි ජනබලවේගය අපේක්‍ෂක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා-
 
 නිරෝධායන නීතිය හා මැතිවරණ නීතිය විපක්‍ෂය නිහඬ කරවීමට කටයුතු කරමින් සිටිනවා.
 
 ගෝඨාභය මහතා 69 ලක්‍ෂයක් ඡුන්ද ලබාගෙන ජනාධිපති වුණා. ඒ කාලයේ රට පිළිබඳව ගොඩනඟා තිබූ බියකරු චිත‍්‍රය අපි දැක්කා. ජනතාවගේ මොළ සේ¥ මාධ්‍ය මෙහෙයුමක් කි‍්‍රයාත්මක වුණා. දැන් ජනතාවට සිහිබුද්ධියෙන් පියවි සිහියෙන් කටයුතු කරන්න කාලය ඇවිත්.
 
 ගෝඨාභය මහතා විශ්වකර්මයෙක් වගේ වැඩ කරන බව කිව්වා. සල්ලි මවල හරි රට ඉදිරියට ගෙන යා හැකි බව කිව්වා. දැන් මාස 60 න් මාස 8 ක් ගිහිල්ලා. සුද පේන්නේ කොකා ඉගිලෙන විටයි. කොරෝනා වසංගතය හමුවේ රුපියල් 5000 ඒවා දෙකක් දීලා ගෝඨාභය ඇඟ බේර ගත්තා.
 
 මෙම ජනහමුව අමතා කළුතර ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ආනන්ද පේ‍්‍රමකීර්ති හා නීතිඥ ඉන්දික ගාල්ලගේ යන මහත්වරුන් ඇතුළු තවත් කීප දෙනෙක්ම කතා කළහ.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles