Divaina - කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ විශේෂ විමර්ශන ඒකකයට අරවින්ද ඊයේ පැය 6ක් කට උත්තර දෙයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කසුන් රණවීර
 
 arawi2222011 ලෝක කුසලාන අවසන් තරගය පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් අරවින්ද ද සිල්වා මහතා ඊයේ (30 වැනිදා* කොළඹ සුගතදාස
 
 කී‍්‍රඩාංගණ පරිශ‍්‍රයේ පිහිටි කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පමිණියේය. ඒ අනුව අරවින්ද ද සිල්වා මහතා එහිදී පැය 6 කට වඩා වැඩි කාලයක් පොලිස් විමර්ශන ඒකකය වෙත කරුණු ඉදිරිපත් කළේය.
 
 2011 ලෝක ශූරතාව යම් කිසි පාර්ශවයක් දැනුවත්ව ඉන්දියාවට පාවා දුන් බව එවකට හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පසුගියදා චෝදනාවක් කළේය. ඒ අනුව වසර නවයකට පසු අදාළ තරග පාවාදීමක් පිළිබඳ හිටපු කී‍්‍රඩා අමාත්‍යවරයා චෝදනා කරමින් වැඩිදුරටත් කියා සිටියේ ‘‘මේකට ක‍්‍රීඩයන් සම්බන්ධ නැහැ. නමුත් තේරීම් සම්බන්ධ ප‍්‍රශ්නයක් තියෙනවා. හවස එවපු කණ්ඩායම නෙමෙයි උදේ ක‍්‍රීඩා කළේ. මට සාධාරණ සැකයක් තියෙනවා. ’’ යනුවෙනි. ඒ අනුව එම චෝදනාව එවකට තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිලවා මහතා වෙත වක‍්‍රාකාරව එල්ලවිණි. කෙසේ වෙතත් ඊයේ පස්වරු 2.10ට පමණ සුගතදාස කී‍්‍රඩාංගණ පරිශ‍්‍රයේ පිහිටි කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් විශේෂ විමර්ශන එ්කකය වෙත පැමිණි එ් මහතා පැය 4කට වඩා වැඩි කාලයක් අදාළ චෝදනවා පිළිබඳ ප‍්‍රකාශයක් ලබා දුන්නේය.
 
 ඉන්දීය කණ්ඩායම සමග පැවැති 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පළමුව පිති ප‍්‍රහාරය එල්ල කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලූ 6ක් දැවී ලකුණු 274ක් ලබා ගත්තේය. මහේල ජයවර්ධන නොදැවී ලකුණු 103ක් වාර්තා කළ අතර කුමාර සංගක්කාර ලකුණු 48ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2කදී කඩලූ 4ක් දැවී ලකුණු 277ක් ලබා ගනිමින් 2011 ලෝක ශූරතාව දිනා ගත්තේය. කෙසේ වෙතත් එදා පැවැති අවසන් මහා තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් හතරක් සිදුවිය. ආබාධයකට ලක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා යොදවා ගත්තේ චමින්ද වාස්ද බංකුවේ තබමිනි. අනතුරුව දඟ පන්දු යවන සුරාජ් රන්දිව් සංචිතයට එක් වූයේ අජන්ත මෙන්ඩිස් බංකුවේ සිටියදීය. රංගන හේරත් වෙනුවට නුවන් කුලසේකරට අවසන් මහා තරග වරම ලැබුණි. චාමර සිල්වා වෙනුවට චාමර කපුගෙදරව කණ්ඩායමට එක් කර තිබිණි.
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles