Divaina - 21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් කී‍්‍රඩකයා මුරලි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 2ලොව වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලූ ලාභියා වන ශී‍්‍ර ලංකාවේ මුත්තයියා මුරලිදරන් 21 වැනි සියවසේ වටිනාම කී‍්‍රඩකයා ලෙස විස්ඩන් කි‍්‍රකට් මාසික සඟරාව ප‍්‍රකාශයට පත්කර තිබේ. ලෝකයේ ඇති කි‍්‍රකට් සඟරා අතරින් ප‍්‍රමුඛතාවයක් ගන්නා විස්ඩන් කි‍්‍රකට් සඟරාව පසුගියදා 21 වැනි සියවසේ හොඳම ටෙස්ට් කී‍්‍රඩකයින් 30 දෙනකු නම්කර තිබූ අතර එම ලැයිස්තුවේ පළමු ස්ථානය මුරලිට හිමිව තිබේ.
 
 2000 වසරේ සිට 2020 වසර දක්වා එක් රැුස් කළ දත්ත මගින් මෙම කී‍්‍රඩකයින් ලැයිස්තු ගත කිරීම සිදුකර තිබේ. එ් අනුව මුත්තයියා මුරලිදරන් බිඳහෙළා ඇති ටෙස්ට් කඩුලූ 800න් 573ක්ම 2000 - 2010 වසර තුළ බිඳ හෙළා ඇති අතර එම වසර 10 තුළදී ඔහු ටෙස්ට් තරග 85ක් කී‍්‍රඩා කර තිබේ. එම කාලවකවානුව තුළදී ජේම්ස් ඇන්ඩර්සන් මුරලිව පසුකර යමින් ටෙස්ට් කඩුලූ 584ක් බිඳ හෙළීමට සමත්ව තිබේ. එහෙත් එ් සඳහා තරග 151ක් කී‍්‍රඩා කිරීමට ඇන්ඩර්සන් හට සිදු වී තිබීම මත අදාළ ලැස්තුවේ පෙරමුණ ගැනීමට මුරලිට හැකි වූ බව විස්ඩන් කි‍්‍රකට් සඟරාව කියා සිටී.
 
 මුත්තයියා මුරලිදරන් 1992 වසරේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත්තේය. එ් අනුව 2010 වර්ෂයේදී කී‍්‍රඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 133කදී කඩුලූ 800ක් දවා ගැනීමට ඔහු සමත්ව සිටියේය. 1993 වසරේ සිට 2011 වසර දක්වා එක්දින තරග 350ක් කී‍්‍රඩා කළ මුරලි එහිදී එක්දින කඩුලූ 534ක් බිඳ දැමූ අතර 2006 වසරේ සිට 2010 වසර දක්වා විස්සයි විස්ස තරග 12කදී කඩුලූ 13ක් දවා ගැනීමට සමත් විය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles