Divaina - පාතාලයේ විශාලම ගිනිඅවි තොගය හෝමාගමින් මතුවේ - අයිතිකරු පාතාල නායක කොස්ගොඩ තාරක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 1- අපරාධ ඝාතනවලට ගිනිඅවි කුලියට දීලා

- මිනීමැරුම්, කප්පම් ගැනීම්, මහා පරිමාණ හෙරොයින් ජාවාරම් ඇතුළු දරුණු අපරාධවලට සම්බන්ධ පාතාල නායක කොස්ගොඩ තාරකට අයත් හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ ආරක්‍ෂිත නිවස්නයක පවත්වාගෙන ගිය අවි ගබඩාවක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය ටී.56 ගිනි අවි 12 ක් ඇතුළු අවි ආයුධ තොගයක් ඊයේ (29 දා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

එම අවි ගබඩාවේ භාරකරු ලෙස සිටි කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලියේ දරුණු අපරාධකරුවකු බව කියන පොට්ට කපිල නමැත්තා ද විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ වැටලීම සිදුකර නිලධාරි කණ්ඩායම මෙම අවි ආයුධ තොගය සහ පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත.

කොස්ගොඩ තාරක නමැත්තා කොන්ත‍්‍රාත් මිනී මැරුම් හා විවිධ අපරාධ සඳහා එම අවි ආයුධ යොදාගත් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ ගොඩනැඟිල්ලක ඉතා රහසිගත ස්ථානයක මෙම ටී.56 අවි තොගය සඟවා තිබූ බව විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග පවසයි. කොස්ගොඩ තාරක නමැත්තා මේ වන විට බන්ධනාගාරගතව සිටින අතර ඔහුගේ කල්ලියේ සාමාජිකයන් විවිධ අපරාධ හා මිනිස් ඝාතන සඳහා කුලී පදනම මත මෙම ආයුධ ලබාදී ඇති බව හෙළිව තිබේ.

මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳ සලක් කොල්ලකෑමට ගිය අවස්ථාවේ කොස්ගොඩ තාරක විසින් පොලිස් නිලධාරියකුට වෙඩි තබා මරා දමනු ලැබීය.

මෙම පාතාල නායකයා බන්ධනාගාරගතව සිටින්නේ මෙම පොලිස් නිලධාරියාට වෙඩි තැබීමේ සිද්ධියටය. මෙම අවි ගබඩාවේ තිබී සොයාගත් ටී 56 අවි සියල්ල පාවිච්චි කරන තත්ත්වයේ පවතින අතර මෙතරම් විශාල ටී 56 ගිනි අවි තොගයක් පාතාල කල්ලියක් සතුව තිබී අත්අඩංගුවට ගත් මුල්ම අවස්ථාව මෙය බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මීට සති කිහිපයකට උඩදී කඳාන ප‍්‍රදේශයේදී රුපියල් කෝටි 250 කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණු අතර එම තොගය ද කොස්ගොඩ තාරක විසින් පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වා විකිණීමට සූදානම් කර තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

කොස්ගොඩ තාරක සහ කොස්ගොඩ සුජී නමැති පාතාල කල්ලි නායකයන් අතර කාලයක් තිස්සේ ගැටුම් පවතින අතර දෙපාර්ශ්වයේම පාතාල සාමාජිකයන් විශාල පිරිසක් මේ වන විට ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි. ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් ඝාතනය කිරීම සඳහා මෙම අවි ආයුධ යොදා ගන්නට ඇති බවට විශේෂ කාර්ය බළකාය සැක පහළ කරයි.

මෙතරම් විශාල ටී 56 අවි තොගයක් කොස්ගොඩ තාරකගේ කල්ලිය අතට පත්වූයේ කෙසේද යන්න විශේෂ කාර්ය බළකාය වෙනම විමර්ශනයක් පවත්වාගෙන යයි.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්‍ෂණය යටතේ මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු, එස්.ඞී.අබේසිංහ-මහරගම

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles