Divaina - අගමැතිගේ ප‍්‍රධානත්වයෙන් රාජ්‍ය පොසොන් උත්සවය ඇරැඹේ

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 සටහන හා ජායාරූප - මිහින්තලේ - රංග චතු හා ප‍්‍රභාත් වනසිංහ - නාච්චාදුව
 
mihintala500 ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ කරමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආලෝක පූජා පිංකම ඊයේ (04 දා* සවස මිහින්තලා රජමහා විහාරස්ථාන මැද මළුවේදී විවෘත කළේය.
 
 ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසනා පරිදි සීමා සහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම ආලෝක පූජා පුණ්‍යොත්සවය සිදු කෙරිණි. ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග‍්‍රහකත්වයෙන් පවත්වන ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍යොත්සවය සඳහා ඩයලොග් ආයතනය බැතිබර දායකත්වය ලබා දෙයි.
 
 ආරෝග්‍යා පරමාලාභා යන තේමාව කරගත් මෙවර රාජ්‍ය පොසොන් මහා පිංකම රට තුළ පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පමණක් සිදු කළේය. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, හිටපු රාජ්‍ය ඇමැතිවරුන් වන ශෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැුසක්ද සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න මහතා හා අධ්‍යක්ෂ මණ්ඩලය, රාජ්‍ය පොසොන් කමිටු සභාපති හා අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන්ද එක්ව සිටියහ.
  

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles