Divaina - කිළිනොච්චියේ අරුල්දාසන් මෝටර් රියක් නිපදවලා... හිටපු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන්ගෙන් මුදල් පරිත්‍යාගයක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 දිනසේන රතුගමගේ
 
moter500ඉවතලන ද්‍රව්‍ය උපයෝගි කරගෙන කුඩා මෝටර් රථයක් නිපදවන ලද කිළිනොච්චියේ පාසල් ශිෂ්‍යයාට ආධාර කිරීමට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික්ක්කයේ හිටපු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා ඉදිරිපත් වී සිටියි. හිටපු මන්ත‍්‍රීවරයා එම සිසුවාගේ නිවසට ගොස් ඔහුට එම මෝටර් රථය තවදුරටත් වැඩිදියුණු කොට නිපදවීම සඳහා අවශ්‍ය කාර්මික ඥාණය හා යටිතල පහසුකම් ආයතන කීපයක් සමග සාකච්ඡුා කොට ලබා දීමට හිටපු මන්ත‍්‍රීවරයා එකඟ වී තිබේ.
 
 පෞද්ගලික මුදල් පරිත්‍යාගයක්ද හිටපු මන්ත‍්‍රීවරයා විසින් එම සිසුවා වෙත සිදුකොට ඇත.
 
 මෙවැනි කුඩා මෝටර් රථයක් නිර්මාණය කරනු ලැබුවේ කිළිනොච්චි, පරන්තන් ප‍්‍රදේශයේ වයස අවුරුදු විස්සක පාසල් සිසුවකු වන අතර ඔහු කිළිනොච්චිය මහා විiාලයේ අරුල්දාසන් රොෂාන් නමැති ශිෂ්‍යයායි. එම කුඩා මෝටර් රථය ඔහු විසින්ම සැලසුම් කොට තිබේ.
 
 කැඞී ගිය යතුරුපැදියක එන්ජින් කොටස් හා වෙනත් වාහනවල ඉවත ලන කොටස් උපයෝගී කරගෙන ඔහු විසින් නිපදවන ලද එම කුඩා මෝටර් රථයට පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් ගමන් කළ හැකි අතර එක් කිලෝමීටරයක් සඳහා වැය වන්නේ ශත හැත්තෑවක පමණ මුදලකි.
 
 ඉතා පහසුවෙන් හතර දෙනකුට මෙම කුඩා මෝටර් රථයේ ගමන් කළ හැකි අතර එය නිපද වූ සිසුවා අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසුව මෙවැනි මෝටර් රථ නිපදවීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.
  

 

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles