Divaina - කුඩු, පාතාල, ත‍්‍රස්තවාදි වැඩ කෙරෙන්නේ බන්ධනාගාරයෙන්... ඒගොල්ලෝ හැදුනේ නැත්නම් මම හදනවා... ජනපති බන්ධනාගාර නිලධාරින්ට සැරෙන් කියයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

gota333500

 

කුඩු ගේන්නේත්, පාතාල වැඩ කරන්නේත්, ත‍්‍රස්තවාදී වැඩ කරන්නේත් බන්ධනාගාරේ ඇතුළේ ඉඳන්. බන්ධනාගාරේ කරන්න එපා කියන හැම දෙයක්ම වෙනවා. එනිසා  බන්ධනාගාරේ හැමෝටම මම කියන්නේ කවුරු යාළු වුණත් තරහ වුණත් ප‍්‍රශ්නයක් නැහැ. මේවා නතර කරන්න. ඒගොල්ලෝ හැදුණේ නැති වුණොත් මම හදනවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. 


ජනාධිපතිවරයා එසේ පැවසුවේ පෙරේදා (01දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති බන්ධනාගාර නිලධාරීන්ගේ හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය.

ජනතාව අතර තියෙන මතය බොහෝම නරකයි. සමහර අය අහනවා මේ බන්ධනාගාර තියෙන්නේ මොකටද? වහලා දාන්න කියලා. මේක හැදෙන්න ඕන. දැන් බැලූවොත් මේක අලූත් දෙයක් නෙවෙයි අවුරුදු ගාණක් තිස්සේ තියෙන දෙයක්. නමුත් මේක හැදෙන්න නේ ඕන. නැත්නම් මේක කරන්න බැහැ. සමාජයේ වැදගත් එක්තරා ආයතනයක්. වැරදි කළාට පස්සේ යන්නේ මෙතැනට. එතනදී හරියට මේක වෙන්නේ නැත්නම් එතන විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. සමහර වේලාවට මේකට අත ගහන්නේ නැතුව ඇති. නමුත් මට ජනතාව දීලා තියෙන බලය තමයි ඒක.

මම වෙන දේවල් බලන්නේ නැහැ. මට ඕන ඒක කරන්න. ඉතින් මම ඒක අනිවාර්යයෙන් කරනවා. කවුරු තරහා වුණත්, කවුරු යාළු වුණත් ඒක මට ප‍්‍රශ්නයක් නැහැ. ඒක කරලම තමයි මම නවතින්නේ. ඒක නිසා මං මේ බන්ධනාගාරේ හැමෝටම කියන්නේ මට ප‍්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ හැදුනේ නැති වුණොත් මං හදනවා.

මොකද කුඩු ගෙන්නන්නේ බන්ධනාගාරේ ඇතුළේ ඉඳලා. පාතාලේ වැඩ කටයුතු කරන්නෙත් බන්ධනාගාරේ ඇතුළේ. ත‍්‍රස්තවාදී ව්‍යාපාර කටයුතු කරන්නෙත් බන්ධනාගාරේ ඇතුළේ ඉඳලා. බන්ධනාගාරේ කරන්න එපා කියන හැම දෙයක්ම වෙනවා. බන්ධනාගාරේට කියන්නේ හැදෙන්න කියලා. ජනතාවට අවශ්‍ය ඒක. රටට අවශ්‍ය ඒක. මේක විහිළුවක්නේ. ටෙලිෆෝන් ඇතුළේ තියෙනවා. කුඩු ඇතුළට ගෙනියනවා. අවි ආයුධ ඇතුළට ගෙනියනවා. සැලසුම් කරන්නේ ඇතුළේ ඉඳලා. මේක විහිළුවක්නේ. අපිට මුහුණ දෙන්න පුළුවන් ද එහෙම තත්ත්වයකට. මට ඕන මේක හරි විදියට ක‍්‍රියාත්මක වෙන්න. තමන්ට අයිති වැඬේ කරන්න බැරි මොකද. ටෙලිෆොන් එකක් ඇතුළට ගෙනියන එක වළක්ව ගන්න බැරිද? එහෙම නම් වැඩක් නැනේ ඕගොල්ලන්ගෙන්. සේවයේ ඉඳලා කමිෂනර් වෙන්න ඕන කිව්වට වැඩක් නෑනේ. ඕගොල්ලෝ කතා කරන්න දැන්. ඔයාලනේ දෙපාර්තමේන්තුවේ ඉන්න ඉහළම කට්ටිය. කොහොමද මේක ඇතුළේ ඉඳලා ඕපරේෂන්ස් කරන්නේ. අල්ල ගෙන හිරේ දාලා ඉන්න මිනිස්සු පාතාලේ වැඩ කරන්නේ එතැන ඉඳලා. ඊළඟට කුඩු ගේන එක කරන්නේ එතැන ඉඳලා. ඇයි ඕගොල්ලොන්ට ඒක නවත්තන්න බැරි. මේක ජාතික ආරක්ෂාව පිළිබඳව ප‍්‍රශ්නයක් නේ.

මං මේ කතා කරන්නේ කොහොමද තමන් ආත්ම ගරුත්වයක් ඇතුව හෘද සාක්ෂියට විරුද්ධ වෙන්නේ නැතුව කුඩුකාරයකුට මේක කරන්න දෙන්නේ කොහොමද? පාතාලේ නායකයකුට මේක කරන්න දෙන්නේ කොහොමද? මම අහන්නේ අන්න ඒවා. ඉතින් ඕගොල්ලොන්ට පැහැදිලිවම යම්කිසි කාර්යයභාර්යක් ඉටුකරන්නට ඒ පහළ මට්ටමේ ඉඳලා මේක තේරුම් කරලා දීලා මොකද මේ විදිහට ඇත්තටම අපිට යන්න පුළුවන් කමක් නැහැ.

අපේ පොලිසිය කඩා වැටිලා නම් බන්ධනාගාර කඩා වැටිලා නම් කොහොමද අපි නීතිය තියෙන රටක් හදන්නේ. අපිට කරන්න පුළුවන් කමක් නැහැ. හැම කෙනෙක්ම ඒ ආයතනයක සාමාජිකයෙක් හැටියට ඉන්නවා නම් ඒ කාර්ය තේරුම් ගන්න ඕන. බන්ධනාගාර සේවයේ තමන් ඉහළම නිලධාරියෙක් කියලා කියන්නට පුළුවන් වෙන්නේ ඒ බන්ධනාගාර සේවයෙන් ගෞරවනීය සේවයක් ජනතාව බලාපොරොත්තු වෙන සේවය දෙනවා නම් පමණයි. නැත්නම් ඒක කියන්න බෑනේ. එහෙම කියන්න පුළුවන් තත්ත්වයකට අද බන්ධනාගාර සේවය නැහැ. ඉතින් එතැනට මේක ගේන්න ඕන. කමිටුවක් හදලා මේක ප‍්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙළක් හරිගස්ස ගන්න.

එතකොට පුහුණුවීම් කරන එකද මේ සියල්ලක්ම හොඳ අය තෝරගන්න එකද අනිත් එක මට ප‍්‍රශ්නයක් නැහැ දේශපාලනය. දේශපාලනය නෙවෙයි මෙතැන වැදගත්කම. රාජකාරිය කරන එක. හරි දේ කරන එක. ඒකයි මෙතැන අවශ්‍යතාවය. ඉතින් ඒක නිසා හොඳ නිලධාරීන් ඉන්නවා කියලා කවුරුත් කියනවානේ. ඒ හොඳ නිලධාරීන්ට කරන්න පුළුවන් වෙන විදියට වැරදි නිලධාරීනුත් හදාගන්න. එහෙම හදන්න බැරි කොටසක් ඉන්නවා නම් ඒ ගොල්ලොන්ට පඩි දීලා වෙනම සංචිතයකට දාලා පැත්තකට කරලා තියන්න.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles