Divaina - කැරලිකරුවෝ ඇමරිකාව ගිනි තබති 4100 ක් අත්අඩංගුවට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p5 1කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ් පොලිස් අත්අඩංගුවේදී මියයෑමට විරෝධය පළ කරමින් ඇමරිකාවේ ඇතිවී තිබෙන කැරලි කෝලාහල මේ වන විට දින හයක් තිස්සේ පැවැත්වී තිබේ. මේ වන විට එරට ප‍්‍රධාන නගර හතළිහකට කෝලාහල හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබේ.
 
 ඇඳිරි නීතිය නොතකමින් ජනතාව වීථි බැස පොලීසිය හා ගැටුම් ඇති කර ගනිමින් සිටිති.
 
 නිව්යෝර්ක්, චිකාගෝ, ෆිලඩෙල්ෆියා හා ලොස් ඇන්ජලීස්වල දරුණු ගැටුම් පවතී. පොලිස් වාහන විශාල ප‍්‍රමාණයක් ගිනි තබා ඇති අතර නගර ගණනාවක කඩසාප්පු කොල්ල කා තිබේ.
 
 වොෂින්ටනයේ ද දරුණු ගැටුම් ඇති වී තිබේ. ධවල මන්දිරය ආසන්නයේ දරුණු ගැටුම් ඇතිවී තිබෙන අතර එහිදී ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තකා ඔහු ධවල මන්දිරයේ ඇතුළත පොළව යට පිහිටි බංකරයක් වෙත ගෙනයන්නට ඇමරිකානු රහස් ඔත්තු අංශ නිලධාරීන් කටයුතු කරන ලදී. 1968 දී මාටින් ලූතර් කිං ඝාතනයෙන් පසුව ඇමරිකාවේ සිදු වූ දරුණුතම සිවිල් ගැටුම්කාරී තත්ත්වය මෙයයි.
 
  මේ වන විට ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් 4100 ක පිරිසක් පොලිස් අත්අඩංගුවේ පසුවෙති. තිදෙනෙකු පමණ ගැටුම්වලින් මියගොස් ඇති අතර විශාල ප‍්‍රමාණයක් තුවාල ලබා තිබේ. එරට ජනගහනයෙන් සියයට දොළහක් පමණ කළු ජාතිකයෝ වෙතිp5 6.

p5 2

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles