Divaina - ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වෙයි - ඌවතැන්නේ සුමන හිමි දිවි ඇති තෙක් හිරේ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
p1 1 නීති විරෝධී අන්දමින් ටී-56 ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ 210 ක් සන්තකයේ තබා ගැනීමේ අධිචෝදනාවට වරදකරු කරනු ලැබූ මාළිගාවත්ත ශී‍්‍ර බෝධිරාජාරාමාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය  පටබැඳිගේ මහතා ඊයේ (01 දා) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.
 
 2010 ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී එනම් 2010 ජනවාරි 20 වැනිදා එම විහාරස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එහි සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක්, ටී.56 ගිනි අවි දෙකක් ඇතුළු තහනම් භාණ්ඩ කිහිපයක් සොයා ගැනීමට හැකිවී තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊයේ සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ස්වයංකී‍්‍රය ගිනි අවි සහ ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීමේ අධිචෝදනාවට විත්තිකාර හිමියන් වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කර එකී දඬුවම් නියම කළේය.
 
 එකී අධිචෝදනා යටතේ ඌවතැන්නේ සුමන හිමියන්ට අමතරව මාවෙල සුබෝධ හිමි, පී. රාජබාලන්, කේ. තමිල් චෙල්වම් හා සන්දහන් සුබ‍්‍රමනියන් යන සිව් දෙනාටද අධිචෝදනා එල්ලවී තිබූ අතර ඔවුන් අතර සිටි ගිහි විත්තිකරුවන් තිදෙනා නඩු විභාගය අතරතුරදී සියලූම අධිචෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට 2018.06.22 වැනිදා අධිකරණය නියෝග කොට තිබිණි.
 
 පසු අවස්ථාවකදී විත්තිකාර මාවෙල සුබෝධ හිමියන්වද සියලූම අධිචෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කොට තිබිණි.
  ඒ. ජේ. ඒ. අබේනායක

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles