Divaina - අගමැති රුවන්වැලි මහා සෑය සහ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

mahindamain
 
 අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29දා* පෙරවරුවේ රුවන්වැලි මහා සෑය සහ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය. රුවන්වැලි මහ සෑ චෛත්‍යරාමාධිකාරී, නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අගමැතිවරයා රුවන්වැලි සෑය වැඳ පුදා ගත්තේය.
 
 අගමැතිවරයා ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත් අයුරු ඡුායාරූපයේ දැක්වේ. පසුව අටමස්ථානාධිපති, උතුරු මැද දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව අගමැතිවරයා ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේය. මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ, පරිසර හා වනජිවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති එස්. එම්. චන්ද්‍රසේන, හිටපු උතුරුමැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් සහ හිටපු උතුරු මැද පළාත් ඇමැති එච්. බී. සේමසිංහ යන මහත්වරුන් ඇතුළු ප‍්‍රාදේශීය දේශපාලඥයෝ රැුසක් මෙම අවස්ථාවට එක්වූහ.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles