Divaina - දඹුල්ල හෝටලයෙන් සොරකම් කළ අශ්ව පැටියා අලව්වෙන් සොයාගනී

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 දඹුල්ල - සරත් එරමිනිගම්මන
 
aswaya500දඹුල්ල සංචාරක හෝටලයක විදේශීය සංචාරකයින් පිනවීම සඳහා ඇතිදැඩි කරන මුදලින් ලක්ෂ පහක් පමණ වටිනා දෙමසක් වයසැති ‘අශාචි’ ලෙස සුරතල් නමින් හඳුන්වන අශ්ව පැටියකු අතුරුදහන්ව සිටියදී පොලිසිය සිදුකළ විමර්ශනයකින් පසු අලව්ව ප‍්‍රදේශයේ අශ්ව පැටියා සඟවා සිටියදී සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගැනීමට 28 දින දඹුල්ල පොලිසියට හැකිව තිබේ.
 
 අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දඹුල්ල දිසා මහෙස්ත‍්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් අශ්ව පැටියා හිමිකරුට භාරදෙන ලෙසටත් නියෝග කළේය.
 
 මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතවුයේ අනුරාධපුරය පදිංචි සැමන් කුමාර හා හා අලව්ව පදිංචි වසන්ත කපිල යන දෙදෙනාය.
 
 දඹුල්ල කණ්ඩලම ප‍්‍රදේශයේ හෝටල් හිමිකරුවකු වන ප‍්‍රියංකර අප්පුහාමි යන අය විසින් තම අශ්ව ගාලේ සිටි අශ්ව පැටියා ඉකුත් 23 දින රාත‍්‍රියේ සිට අතුරුදහන් බවට දඹුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත දඹුල්ල නගරයේ සිට ගලේවෙල නගරය දක්වා දිවෙන ඒ 06 මාර්ගය දෙපස නිවෙස් හා වෙළෙඳසැල් වල සවිකර තිබු ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කිරීමෙන් පසු අශ්වයා රැුගෙන ගිය බවට සැකකෙරෙන වාහනයක් පිළිබඳව මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් හඳුනා ගැනීමෙන් පසු අලව්ව ප‍්‍රදේශයේ පෝනියන් ඇති කරන ස්ථානයක අශ්ව පැටියා සඟවා සිටියදී පොලිසිය විසින් සොයා ගෙන ඇත.
 
 අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු මීට පෙර දඹුල්ල සංචාරක හෝටලයේ ඇතිකරන අශ්වයින් රැුකබලා ගත් පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ.
 
 මෙම අශ්ව පැටියාගේ මව දැඩි ශෝකයෙන් සිටි බව පොලිසිය කියා සිටියේය.
 
 සැකකරුවන් දෙදෙනා සමග අශ්ව පැටියා ප‍්‍රවාහනයට යොදා ගත් කැබ් රියක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles