Divaina - කොරෝනා පීඩනයෙන් මිදෙන්නට ගෙවත්තෙන් සහනයක්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p14 1

 

පියවි ඇසට නොපෙනෙන, නැනෝ මීටර් 125ක තරම් විෂ්කම්භයක් ඇති, ඉතා කුඩා ක්‍ෂුද්‍ර අංශුවක්, මුළු ලෝකයටම, මුළු මානව සංහතියටම අපූරු පාඩමක් ඉගැන්වූයේය. ඉතා කුඩා ක්‍ෂුද්‍ර ජීවියෙකු වන කොවිඞ්-19 වෛරසය ලෝ පුරා අප හැමෝටම පාඩම් රාශියක් ඉගැන්වූයේය. මෙම ක්‍ෂුද්‍ර ජීවියා, දැන් සති ගණනාවක් තිස්සේ, ලෝ පුරා බහුතරයක් නිවාස අඩස්සියේ තබාගෙන සිටින්නේය. නූතන විද්‍යාවේ සහ තාක්‍ෂණයේ දියුණුව ගැන පුන පුනා පුරසාරම් දෙඩූ අපි, මෙම කුඩා ක්‍ෂුද්‍ර ජීවියා ඉදිරියේ අසරණ වී සිටින්නෙමු. මෙම ක්‍ෂුද්‍ර ජීවියාට බියෙන්, ඊට එරෙහිව කිසිවක් කරකියාගත නොහැකිව, නිවෙස් තුළට කොටුවී කාලය ගෙවන්නෙමු. ලෝකය පුරා, දුප්පත්-පොහොසත් භේදයකින් තොරව, ජාති ආගම් කුල භේදයකින් තොරව, අපි සියල්ලන්ම එකසේ අසරණ වී සිටින්නෙමු.

අප මෙතෙක් හුරුපුරුදු වී සිටි, අප ඇබ්බැහි වී සිටි ජීවන රටා ගැන අලූත් ආරකට සිතන්නට, මෙම ක්‍ෂුද්‍ර ජීවියා, එනම් කොවිඞ්-19 වෛරසය අපට බලකර සිටින්නේය. අපේ ජීවිතයට නැතුවම බැරි ආහාරපාන පිළිබඳව අලූත් ආරකට සිතන්නට, කොවිඞ්-19 වෛරසය අපට බලකර සිටින්නේය. අප පුරුදු වී සිටි ආකාරයට, කඩමණ්ඩියට හෝ සුපිරි වෙළඳසැලට ගොස් අපට රිසි අන්දමට කෑම ද්‍රව්‍ය, බඩුමුට්ටු මිලදී ගැනීමට නොහැකි වන අයුරින්, මේ දිනවල සීමා පැනවී ඇත්තේය. අප වැඩි කැමැත්තක් දක්වන එළවළු-පළතුරු අපට රිසි අන්දමට මිලදී ගැනීමට නොහැකි වන අයුරින් සීමා පැනවී ඇත්තේය. වාහනවලින් ගෙදරට රැුගෙන එන එළවළු-පළතුරු මිලදී ගැනීමට සිදුව ඇත්තේද එක්තරා අන්දමක චකිතයකින් සැකයකින් යුතුවය. එසේ මිලදී ගන්නා එළවළු-පළතුරු පවා ගේ ඇතුළට ගැනීමට පෙරාතුව හොඳින් සෝදා පිරිසිදු කිරීමට සිදුව ඇත්තේය. මේ මොහොතේ අපේ පවුලට අවශ්‍ය එළවළු-පළතුරු අපේම ගෙවත්තෙන් කඩාගැනීමට හැකිවූයේ නම්.....! පසුගිය සති කිහිපය තුළ ඔබටද, ඉඳහිට හෝ, එබඳු හැඟීමක් ඇතිවූයේ නම් එය පුදුමයට කරුණක් නොවන්නේය.

ගෙවතු වගාවන්හි නිරත වීමෙන් අපට වාසි රැසක් අත්වේ. පළමුකොටම, වසවිසෙන් තොර නැවුම් එළවළු-පළතුරු ආහාරයට ගැනීමේ අවස්ථාව අපට ලැබෙන්නේය. දෙවනුව, ගෙවත්තෙන් ලැබෙන අස්වැන්න අපේ පවුලේ අවශ්‍යතාවයට වඩා වැඩිනම්, ඒවා විකුණා අමතර ආදායමක් ලබාගැනීමේ අවස්ථාව අපට ලැබෙන්නේය. තෙවනුව, දිනපතා ටික වේලාවක් ගෙවත්තේ වැඩකිරීමෙන් අපට අවශ්‍ය ශාරීරික ව්‍යායාමය නොමිලයේම ලැබෙන්නේය.

සිව්වැනි, වඩාත් වැදගත් කාරණය වන්නේ, ටික වේලාවක් ගෙවත්තේ ගතකිරීමෙන් අපට ලැබෙන මානසික සුවයයි. අප විසින් සිටවන ලද පැළයක් වැඞී, පසුව ගෙඩි හටගන්නා විට අපට ඇතිවන සතුට වචනවලින් විස්තර කළ නොහැකිය. තවද, ගෙවත්තේ ගස්කොළන් වැඩෙනා විට, සමනළයින්, මී මැස්සන්, බත්කූරන් වැනි සත්තු නිරතුරුව සැරිසරන්නට පටන් ගනිති. මේ සතුන් දෙස බලා සිටීමෙන්, උන්ගේ හඬට සවන්දීමෙන් අපට ලැබෙන වින්දනය වචනවලින් විස්තර කළ නොහැකිය. කලබලකාරී ඝෝෂාකාරී නාගරික ජීවිතයට කොටුවී සිටිනා අප අතරින් වැඩි දෙනෙක් ස්වභාවික පරිසරයෙන් ඈත්ව සිටිති. පරිසරයේ සුන්දරත්වය විඳීමට අප අතරින් වැඩි දෙනෙකුට අවස්ථාවක් නැත්තේය. එහෙත්, අපේ ඉඩමේ ඉඩකඩ ඇති පරිද්දෙන් සකස් කරගනු ලබන කුඩා ගෙවත්ත හරහා පරිසරය විඳීමේ අවස්ථාව අපට ලැබෙන්නේය. ගස්කොළන්වලට සවන් දීමේ අවස්ථාව අපට ලැබෙන්නේය. ගස්කොළන්වලට සතා සීපාවාට ආදරය කරන්නට, අපේ කුඩා ගෙවත්ත විසින් අපට බලකරනු ඇත්තේය. අපේ ගෙවත්තෙන් අප ලබන මානසික සුවය වචනවලින් විස්තර කළ නොහැකි යැයි අප කියන්නේ මේ නිසාය.

සාමන්‍යයෙන් අප මානසික ආතතියට පත්වූ විට, අපේ ශරීරයේ ඇති කෝටිසෝල් නමැති හෝමෝනයේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේය. ජපාන විද්‍යාඥයින් පිරිසක් විසින් කරනා ලද පර්යේෂණයක ප‍්‍රතිඵලවලට අනුව, අප මානසික පීඩනයක් ඇති අවස්ථාවක මිනිත්තු තිහක කාලයක් ගෙවත්තේ ගතකළහොත්, අපේ ශරීරයේ ඇති කෝටිසෝල් ප‍්‍රමාණය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇත්තේය. ඊට සමගාමීව, රුධිර පීඩනයද සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇත්තේය. කොරෝනා වසංගතය හමුවේ නිවෙස්වලට කොටුවී, මානසික පීඩනයට සහ ආතතියට පත්ව සිටිනා අපට ගෙවත්තෙන් අපූර්ව මානසික සුවයක් ලබාගත හැකි යැයි අප කියන්නේ මෙම පසුබිම තුළය. අපේ ගෙවත්ත ගස්කොළන්වලින් එළවළු-පළතුරුවලින් පිරි සුන්දර තැනක් කරගැනීමට මෙය අපූර්ව අවස්ථාවක් යැයි අප කියන්නේ මෙම පසුබිම තුළය.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles