Divaina - යුද හමුදාව හැදූ ඉරණවිල කොරෝනා රෝහල විවෘත කරයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 army
 
 අමරනන්ද විජේසේකර- මහවැව
 
හලාවත ඉරණවිල ඇමරිකන් හ`ඩ ගුවන්විදුලි සම්පේ‍්‍රෂණාගාරය පවත්වාගෙන ගිය පරිශ‍්‍රයේ ඉදිකළ නව කොරෝනා රෝහල විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ‍ ප‍්‍රධානත්වයෙන් 07 වන දින සවස සිදුවිය.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාව මැදිහත් වීමෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් මෙහි ඉදිකිරීම් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් සිදු කරන ලදී.
 
 අක්කර 400 ක භූමි ප‍්‍රදේශයක් මීට අයත් ය. නිරෝධායන ඒකකයක් සහ ප‍්‍රතිකාර ඒකකයකින් සමන්විත මෙම රෝහලේ එකවර රෝගීන් 50 කට ප‍්‍රතිකාර ලබා දීමට හැකිය.
 
 රෝබෝ යන්ත‍්‍ර මගින් ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබාදීමට මෙහි සැලසුම් කර තිබීම ද විශේෂත්වයකි.
 රෝහලේ ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිත්‍යාගශීලීන් විසින් මෙම අවස්ථාවේ මුදල් පරිත්‍යාග කිරීම ද සිදුවිය.
 
 දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles