Divaina - ජනාධිපතිවරයා ඇතුළු රජයටත් නාවික හමුදාවටත් ස්තුතියි...තවත් නෞකා හතරක ශී‍්‍ර ලාංකිකයන් සිව්දෙනකු මුහුදේ සිටිනවා - සුඛෝපභෝගී මගී නෞකාවේ සිට රැගෙන ආ තරුණයා කියයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px



main

 

ඔස්ටේ‍්‍රලියාවේ සිට ඉතාලිය බලා යාත‍්‍රා කරමින් සිටි ඵීක්‍ ඵ්ටබසසෙජ් නෞකාවේ සිටි ශ‍්‍රී ලාංකික අනුර බණ්ඩාර හේරත් නමැති තරුණයා අද ( 06) කොළඹ වරායෙන් ශ‍්‍රී ලංකාවට පැමිණී අවස්ථාවේ පළමුව මව්බිමට ආචාර කරන අයුරු.
 


සමන් ගමගේ

කොරෝනා වෛරසයේ ලොවම කැළඹී තිබියදී තමන්ව යළි මව්බිමට ගෙන ඒමට කටයුතු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු රජයටත් නාවික හමුදාවටත් ගෞවරවනීය ස්තුතිය පුදකරන බව ඉතාලියට අයත් එම්.එෆ්.සී. මැග්නිෆිකා නමැති සුඛෝපභෝගී මගී ප‍්‍රවාහන නෞකාවේ සිට ඊයේ (06 වැනිදා) පෙරවරුවේ නාවික හමුදාව මගින් කොළඹ වරායට රැගෙන ආ අනුර බණ්ඩාර හේරත් තරුණයා පැවසීය.

ශී‍්‍ර ලංකා රජය මෙම තීරණය නොගත්තේ නම් තමන්ට පවතින අවදානම් සහගත තත්ත්වය හමුවේ උපන් බිම දැක දැක යළිත් යුරෝපය බලා පිටත්ව යෑමට සිදුවන බවද හෙතෙම ඉතා සංවේදීව ස`දහන් කළේය.

තමන් සේවය කළ නැව් සමාගමට අයත් තවත් නෞකා හතරක සේවය කරන ශී‍්‍ර ලාංකිකයන් සිව් දෙනකු මේ වන විට අදාළ නෞකාවලට වරායකට යෑමට නොහැකිව තිබීම හේතුවෙන් මුහුදේ රැ`දී සිටින බවද ඔහු පැවසීය.

එම්.එෆ්.සී. මැග්නිෆිකා නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි එකම ශී‍්‍ර ලාංකිකයා වූ මෙම තරුණයා අදාළ නැව ඉන්ධන ලබා ගැනීම ස`දහා ශී‍්‍ර ලංකාවට පැමිණීමට තීරණය කිරීමෙන් පසු සමාජ ජාල ඔස්සේ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ඔහුව ජටතුළට ගන්නා ලෙෂ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාවික හමුදාවට කළ දැනුම් දීමටකට අනුව මෙසේ එම තරුණයා රැගෙන එනු ලැබිණි.

අදාළ නෞකාව ඊයේ අලූයම් කාලයේ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම ස`දහා කොළඹ වරයාට නාවික සැතපුම් 5ක් පමණ ආසන්නයට (කිලෝ මීටර් 9) පැමිණ නැංගුරම් ලෑමෙන් පසු නාවික හමුදාවේ ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික හදිසි ප‍්‍රතිචාර ඒකකයේ නිලධාරීහු කණ්ඩායමක් නාවික හමුදා යාත‍්‍රාවකින් නෞකාව වෙත ගොස් ජාත්‍යන්තර නිරෝධායන කි‍්‍රයාවලියේ සියලූ පියවර අනුගමනය කරමින් මෙම තරුණයා කොළඹ වරායට ගෙන එනු ලැබූහ.

මවිබිමට පා තැබීමෙන් පසු පොළොවට දෑත් තබා තමන් උපන් මාතෘ භූමියට වැ`ද ආචාර දැක්වූ මෙම තරුණයා මූලික විෂබීජ හරණ කටයුතුවලින් පසු දින 21 ක නිරෝධායන කි‍්‍රයාවලියක් ස`දහා නාවික හමුදාව මගින් ගාල්ල බූස්ස ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියේය.

මෙම තරුණයා එම්.එෆ්.සී. මැග්නිෆිකා නෞකාවේ සිට රැගෙන එන අවස්ථාවේ හෘදයාබාධයක් වැළ`දී එම නෞකාවේ සිටි හැත්තෑපස් හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක්ද කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබිණි.

පසුව එම කාන්තාව පූර්ණ විෂබීජහරණ කි‍්‍රයාවලියකින් පසුව ප‍්‍රතිකාර ස`දහා කොළම ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඇගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප‍්‍රකාශකයෙක් ස`දහන් කළේය.

සුඛෝපභෝගී මගී නෞකාවක් වන එම්.එෆ්.සී. මැග්නිෆිකා නෞකාව ඉකුත් මාර්තු මස 5 වැනිදා මගීන් 1700 සහ කාර්ය මණ්ඩලයේ 1000 ක් සම`ග ලෝක සවාරියක් ස`දහා ඉතාලියේ සිට පිටත්ව ගමන් කරමින් තිබියදී කොරෝනා වෛරසයේ පැතිරීම හේතුවෙන් ලොවම අස්ථාවර වන තත්ත්වයක් නිර්මාණය විය.

මේ හේතුවෙන් සිය සංචාරය ඕස්ටේ‍්‍රලියාවෙන් අවසන් කිරීමට කෞකාව තීරණය කළද කිසිදු රාජ්‍යයක් නෞකාව භාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කිරීම නිසා යළි ඉතාලිය බලා යන අතරතුර ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම ස`දහා මෙසේ කොළම වරාය ආසන්නයට ළ`ගා විය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles