Divaina - බඳින තුවක්‌කුවෙන් වෙඩි කෑ ගෝනා මිහිකත හැර යයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

gona500
 
 නෙළුව - සිරිසේන ගමගේ
 
 දඩයක්‌කරුවකු ඇටවූ උගුලකට හසුවී වෙඩි වැදී තුවාල ලද ගෝනකු උඩුගම පොලිස්‌ ස්‌ථානයට රැගෙනැවිත් ප්‍රතිකාර කිරීමේදී ඊයේ (28 දා) උදෑසන මියගොස්‌ තිබේ.
 
 උඩුගම නැගෙනහිර රත්නපාක්‌ ගම්මානයේ තුවාල ලැබූ ගෝනකු සිටින බව උඩුගම පොලිස්‌ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ පරීක්‍ෂා කිරීමේදී වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ගෝනා හමුවී ඇත.
 
 අනතුරුව පොලිසිය විසින් ගෝනා උඩුගම පොලිස්‌ ස්‌ථානයට රැගෙනැවිත් හික්‌කඩුව වනජීවී කාර්යාලය දැනුවත් කර ගෝනාට පොලිස්‌ නිලධාරීන් ප්‍රතිකාර කර ඇතත් ඊයේ උදැසන ගෝනා මියගොස්‌ තිබේ.
 
 වෙඩි වැදී ඇති ස්‌ථානය පරීක්‍ෂා කිරීමේදී මෙය බඳින තුවක්‌කුවකින් සිදුවූ වෙඩි ප්‍රහාරයක්‌ බව පොලිසිය පවසයි.
 
 උඩුගම පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක
 
 අයි. ඩී. සී. ක්‍රිෂාන්ත, පො. සැ. (58877), කරුණාතිලක, පො. කො. රි (80799) මදුරංග යන මහත්වරුන් ගෝනාගේ දිවි බේරා ගැනීමට මහත් උත්සාහයක්‌ දැරීය.
විය.

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles