Divaina - කොදෙව්වෝ පස්වැනි වරටත් ශ‍්‍රී ලංකාවට එක්දින තරගාවලියක් පරදිති - මෙන්ඩිස් සහ අවිශ්කගේ ශතක ප‍්‍රහාරයෙන්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

re16 1කුසල් මෙන්ඩිස් (119) සහ අවිශ්ක ප‍්‍රනාන්දු (127) එක්ව වාර්තා කළ සුපිරි ශතක හමුවේ ජවය ලද ශ‍්‍රී ලංකා පිල සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ව ලකුණු 161 ක පරාජයකට ඇද දැමීමට ඊයේ (26 දා) සමත් විය.

තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් වශයෙන් ශූරතාව අයිතිකරගත් ශ‍්‍රී ලංකාව පස්වැනි වරටත් කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගත්තේය. පිට පිටම වසර නවයක් පුරා කොදෙව්වන් හමුවේ එක්දින තරගාවලි අපරාජිතව සිටින ශ‍්‍රී ලංකාව ඔවුන්ට එරෙහිව ලද 28 වැනි එක්දින තරග ජයද මෙය වේ. ලකුණු 346 ක හති වැටෙන ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට කබලෙන් ළිපට වැටෙන්නාක් මෙන් වනිඳු හසරංග ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලද පීඩනය හමුවේ කලින්ම තරගාවලි පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

වසර දෙකකට පසුව හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගය නැරඹීම සඳහා අතුරු සිදුරු නැතිව පේ‍්‍රක්ෂකයන්ගෙන් පිරී ඉතිරී යද්දී, පන්දු 15 ක් තුළදි ශ‍්‍රී ලංකාවේ පළමු කඩුලූ දෙකම ලකුණු නවයකට ගලවා දැමීමට කොදෙව්වන් සමත් විය. නමුත් මෙන්ඩිස් සහ අවිශ්කගේ පිති ප‍්‍රහාරය හමුවේ ඔවුන්ට 41 වැනි ඕවරය වන තෙක් තෙවැනි කඩුල්ල ලබා ගැනීමට වෙහෙස විය. මෙන්ඩිස් සහ අවිශ්ක තෙවැනි කඩුල්ලට පන්දු 226 කදී ලකුණු 239 ක සබඳතාවක් එක් කරමින් ශ‍්‍රී ලංකා ඉනිම ප‍්‍රාණවත් කරද්දී එම සබඳතාව කොදෙව්වන්ට එරෙහිව ශ‍්‍රී ලංකා පිතිකරු යුගලක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිහිටුවූ හොඳම සබඳතාව විය.

මීට පෙර 2001 දී මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධන මහනුවරදී තුන්වැනි කඩුල්ලට පිහිටුවූ ලකුණු 187 ක සබඳතාව කොදෙව්වන්ට එරෙහිව ශ‍්‍රී ලංකා පිතිකරු යුගලකගේ හොඳම සබඳතාව විය. මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිහිටවූ හොඳම සබඳතාව මෙන්ඩිස් සහ අවිශ්ක වාර්තා කරද්දී මීට පෙර එහි පළමු තැන සිටි දික්වැල්ල සහ ගුණතිලකගේ (229) සබඳතාව දෙවැනි තැනට ඇද වැටුණි.

කලකට පසුව ශතකයකින් ජවය පෙන්නූ මෙන්ඩිස් සිය දෙවැනි එක්දින ශතකය පන්දු 107 කදී සම්පුර්ණ කළ කළේය. ඔහු වසර දෙකකට පසුව ශතකයක් වාර්තා කිරීම විශේෂත්වයකි. මෙන්ඩිස් 75 වැනි එක්දින තරගයට ක‍්‍රීඩා කළ අතර ඔහු එක්දින ඉනිම් 51 කට පසුව ශතකයක් වාර්තා කිරීම විශේෂත්වයකි. අවසන් වරට මෙන්ඩිස් ශතකයක් ලබා ඇත්තේ 2017 වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව දඹුල්ලේ පැවැති තරගයකදීය. මෙන්ඩිස් ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් කරකැවීමට ගොස් දැවී යන විට පන්දු 119 කදී හතරේ පහර 12 කින් කොදෙව්වන්ට බැට දී තිබුණි.

ආරම්භක පිතිකරුවකු වශයෙන් ස්ථාවර වෙමින් සිටින අවිශ්ක ප‍්‍රනාන්දු මුහුණ දුන් 109 වැනි පන්දුවේදී දෙවැනි එක්දින ශතකය උදුරා ගත්තේය. ඔහු මීට පෙර පළමු ශතකය ලෝක කුසලානයේදී කොදෙව්වන්ටම එරෙහිව එංගලන්තයේ චෙස්ටර් ලී ස්ටේ‍්‍රට් ක‍්‍රීඩාංගණයේදී වාර්තා කර තිබුණි. පන්දු 123 කට මුහුණ දුන් අවිශ්ක හතරේ පහර දහයකින් කොදෙව්වන්ට සංග‍්‍රහ කළේය.

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ හතරේ සීමාව වෙනත්  ක‍්‍රීඩාංගණවලට වඩා දුර වැඩි වීමෙන් හයේ පහර කිහිපයක්ම හතරේ පහරවල් බවට පත්විය. එම නිසා කොදෙව්වන්ගේ සීමාව අසල පන්දු රකින්නන්ද අඩි තුන හතරක් ඉදිරියෙන් සිටිමින් උඩ පන්දු රැුක ගැනීමට වෑයම් කළද උඩපන්දු තුනක්ම ඔවුන්ගේ අතින් ගිලිහුණි. කෙසේ වෙතත් මෙම  ක‍්‍රීඩාංගණයේදී වාර්තා කළ 14 වැනි එක්දින ශතකය මෙන්ඩිස්ගේ පිත්තෙන් සහ 15 වැනි ශතකය අවිශ්කගේ පිත්තෙන් වාර්තා වීම විශේෂත්වයකි. මීට පෙර කුමාර් සංගක්කාර (133), ක්යින්ටන් ඞී කොක් (128), කුසල් පෙරේරා (116), ධනුෂ්ක ගුණතිලක (116), නිරෝෂන් දික්වැල්ල (116-102), තිලකරත්න ඩිල්ෂාන් (113), ටමීම් ඉක්බාල් (112), උපුල් තරංග (111), හැමිල්ටන් මසකඞ්සා (111), ඒ. බී. ඩිවිලියර්ස් (108), විරාට් කෝලි (106) සහ මහේල ජයවර්ධන (100) ශතක වාර්තා කිරීමට සමත් වූහ.

අවසන් පන්දුවාර දහයේදී ලකුණු ලකුණු 99 ක් උදුරා ගත් ශ‍්‍රී ලංකා පිතිකරුවන් ඒ අතරවාරයේදී හතරේ පහර 33 ක් එල්ල කර තිබුණි. ඉන් හතරේ පහර 22 ක්ම මෙන්ඩිස් සහ අවිශ්කගේ පිත්තෙන් වාර්තා වෙද්දී තිසර පෙරේරාද පන්දු 25 කදී හතරේ පහර හතරකින් කොදෙව්වන්ට සංග‍්‍රහ කරද්දී හයේ පහරක් නොමැතිව කණ්ඩායමක් ලද වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද මෙය විය. ශ‍්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහුණු එකම උඩපන්දුව ෂෝට් ෆයින් ලෙග්හී සිටි ලක්ෂාන් සඳකැන් විසින් අතහැර දමන ලදී. නුවන්

ප‍්‍රදීප්ගේ පන්දුවකට ෂායි හෝප් ලකුණු 29 දී දුන් උඩපන්දුව ඔහු අතහැරීමෙන් හෝප්ට අර්ධ ශතකයක් ලබා ගැනීමට හැකිවිය. තරගයේ 39 වැනි ඕවරය ක‍්‍රියාත්මක වෙමින් තිබියදී ක‍්‍රීඩාංගණයේ විදුලි ආලෝක දහරා පද්ධති දෙකෙහිම විදුලිය ඇන හිටීමෙන් තරගය විනාඩි දහයක් නවතා දැමීමට සිදුවිය. තරගයේ වීරයා සම්මානයෙන් අවිශ්ක ප‍්‍රනාන්දු පුදනු ලැබීය.

re16 2අසේල විතාන සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ සිට

 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles