Divaina - ලෙඩ නිවාඩු සාර්ථකයි - අද සිට ඉගැන්වීම් පමණයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

P1 2- මාර්තු දින 5 ක් වර්ජනයේ-ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්

- ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරු වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (26 දා) දහවල් බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරු.

 - ඡායාරූපය - රංජිත් විමලසිරි

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල්කර ගනිමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයන් ලෙඩ නිවාඩු වාර්තා කර ඊයේ (26දා) සිදුකළ වෘත්තීය ක‍්‍රියාමාර්ගය සියයට අනූඅටකින් සාර්ථක වූ බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.

තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අද (27දා) සිට පෙරවරු 7.30 සිට දහවල් 1.30 දක්වා ඉගැන්වීම් කටයුතු හැර වෙනත් කිසිදු රාජකාරියක නිරත නොවීමටත්, මාර්තු 16 සිට මාර්තු 20 දක්වා දින පහක කාලයක් වැඩ වර්ජනයක නිරත වීමටත් ගුරු- විදුහල්පති වෘත්තීය සංගම් 30 ක් ඒකමතිකව තීරණය කළ බවද හෙතෙම කීවේය.

වැටුප් විෂමතා ඉවත් කිරීම, අධ්‍යාපනයට අයවැයෙන් සියයට හයක් වෙන්කිරීම, ගුරුවරුන්ට අනවශ්‍ය කොළ පිරවීම් නතර කිරීම ඇතුළු ඉල්ලීම් හයක් සම්බන්ධයෙන් විසඳුමක් ලැබෙන තෙක් වෘත්තීය ක‍්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කළ බවද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles