Divaina - තිදෙනකු සමඟ නොව රන්ජන් විනිසුරුවන් 60 ක් සමග කතා කළා රන්ජන්ගේ නීතිඥ කියයි - රන්ජන්ට ඇප : රට යෑමත් තහනම්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta



ඒ. ජේ. ඒ. අබේනායක සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

Ranjanරන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සමග නොව හැටදෙනකු සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඊයේ (26 දා* නුගේගොඩ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාර් මහතා හමුවේ ප‍්‍රකාශ කළේය.

මහජනතාවගේ ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මහජන නියෝජිතයකු වන සිය සේවාදායකයා මහජනතාවගේ අයිතිවාසිකම් උදෙසා එලෙස අධිකරණ විනිසුරුවරුන් සමග දුරකථන සංවාදයේ යෙදී ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. මහජනතාව පමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර පුද්ගලයන් ද උසස්වීම් ලබා ගැනීම සඳහා සිය සේවාදායකයාගේ සහාය ලබා ගෙන ඇති බව ද ජනාධිපති නීතිඥවරයා සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලා කරුණු දක්වමින් ප‍්‍රකාශ කළේය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා සිය සේවාදායකයා වැනි වැදගත් පුද්ගලයන්ට නිසි ගෞරව දී ඇමතීමට නොදන්නා බව ද පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥවරයා එහිදී දීර්ඝ ලෙස අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබීය.

වැදගත් චරිතයක් ඇති පුද්ගලයන්ට නම්බුකාර ලෙස ඇමතීමට මෙන්ම වැදගත් ලෙස හැසිරීමට නොදන්නා අයට ගැලපෙන ලෙස ඇමතීමට නිලධාරීන් හොඳාකාරවම දන්නා බවත් තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උගත් නීතිඥවරුන් ලෙසය සියලූ විත්තියේ නීතිඥවරුන්ට අධිකරණය හමුවේදී ආමන්ත‍්‍රණය කරනා නමුත් එලෙස වැදගත් ලෙස අන් අයට ආමන්ත‍්‍රණය කිරීමට නොදන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොව විත්තියේ සමහර නීතිඥවරුන් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එක් විනිසුරුවරයකුට අමතා තමන්ට අවැසි සැකකරුවකු පැයකට හෝ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සැකකරු ඉල්ලා ඇති නම් ඔහුගේ නීතිඥවරයා පවසන පරිදි විනිසුරුවරුන් 60 දෙනකුට අමතා කතා කර පවසා ඇත්තේ කුමක්දැයි වෙනම විමර්ශනයක් කළ යුතුව ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

වසර 4 - 5 කට බලය ලැබෙනා දේශපාලනඥයින්ගේ සිතැඟියාවන් අනුව නොව අධිකරණය යුක්තිය පසිඳලිය යුත්තේ පවත්නා නීති රාමුව තුළ පමණක් බව ද දිලීප පීරිස් මහතා එහිදී පෙන්වා දුන්නේය.
සැකකරු පුරා වසර 11 - 12 ක් තිස්සේ සිදු කර ඇති එකී දුරකථන සංවාද පටිගත කිරීම් නිසා විනිසුරුවරුන් පමණක් නොව රටේ සිය දහස් ගණනක් වින්දිතයන් බවට පත් වී ඇති බව ද එහිදී පෙන්වා දී සැකකරුගේ නීතිඥවරයා තම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කළ අපහාසය දැඩිව හෙළා දකින බව ද අධිකරණයට පෙන්වා දුන්නේය.

එවැනි අයුක්ති සහගත ප‍්‍රකාශයක් මහජන නියෝජිතයකු ද වන විත්තියේ ජනාධිපති නීතිඥවරයාගෙන් ඇසීමට ලැබීම ගැන තමන් දැඩි කනගාටුවට පත් වන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිපි‍්‍රයා ජයසුන්දර මහත්මිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නාය.

රජයේ අධිනීතිඥ චතුරි විජේසූරිය මෙනවිය, රජයේ අධිනීතිඥ ප‍්‍රජාපාලි අබේසේකර මෙනවිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිපි‍්‍රයා ජයසුන්දර මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.

නීතිඥ විදුර පී. මංචනායක, වසන්ත රණසිංහ, ජනා ධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් හා ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළේය.

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles