Divaina - කොළඹ සරසවි ලියෝ සමාජයේ ව්‍යාපෘතියෙන් කල්පිටිය කලපුවට කඩොලාන ශාක 500 ක්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

pala2
 
 කොළඹ විශ්ව විiාලයීය ලියෝ සමාජය විසින් තෙවන වරටත් සංවිධානය කළ ‘‘සිඳු නළ රක්ෂා 3.0’’ ව්‍යාපෘතිය, 2018 වසරේදී දියත් කරන ලද ‘‘සිඳු නළ රක්ෂා 2.0’’ ව්‍යාපෘතියේ එක් අංශයකි. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ දිවයිනේ වෙරළාශි‍්‍රත පරිසරය සහ එහි ජීවත්වන සුන්දර ජිවීන් ආරක්‍ෂා කර ගැනීමයි. සිඳු නළ රක්ෂා 2.0 ව්‍යාපෘතිය 2018 වසරේදී ලියෝ දිස්ති‍්‍රක් 306ජ1 සම්මාන උත්සවයේදී ප‍්‍රථම ස්ථානයද හිමිකර ගත්තේය. එම නිසා ‘‘වන ජීවී සංරක්ෂණය හා ජලය තුළ ජීවය’’ යටතේ දියත් කරනු ලබන සිදු නළ රක්‍ෂා ව්‍යාපෘතියට ප‍්‍රධාන තැනක් හිමිවේ.
 
 සිඳු නළ රක්‍ෂා 3.0 ව්‍යාපෘතියේ පළමු අදියර වන කඩොලාන ශාඛ රෝපණය පසුගිය 12 වැනිදා උදෑසන 9 සිට කල්පිටිය කලපුව ආශි‍්‍රත ප‍්‍රදේශයේ් සිදුවිය. මෙම අදියර යටතේ කඩොලාන ශාඛ 500 කට ආසන්න ප‍්‍රමාණයක් කල්පිටිය වෙරළ තීරයේ රෝපණය කරනු ලැබූහ. මෙම ව්‍යාපෘතිය සඳහා මෙවරද සුධීස කඩොලාන කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂ ඩග්ලස් තිසේරා මහතා මහ`ගු උපකාරයක් කළේය.
 
 කඩොලාන ශාක සුනාමි සහ වෙරළ ඛාදනය වැනි ස්්වභාවික ආපදාවලින් වෙරළ තීරය ආරක්‍ෂා කරයි. ... ස්වාභාවික විපත් වලට මුහුණදීම සඳහා ඔවුන්ට ආවේණික වූ පද්ධතියක් ඇත. එම නිසා මෙවැනි ව්‍යාපෘතියක් පරිසර සංරක්‍ෂණය හා ගෝලීය උණුසුම මැඩ පැවැත්වීමට මහ`ගු උපකාරයක් වේ.
 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles