Divaina - රට යන අතරමගදී මරු ළඟ නතර වෙයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

ගලේවෙල මොහොමඞ් බුහාර්ඩින්
 
 acc555දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගොකරැුල්ල දොලොස්දාහ ප‍්‍රදේශයේදී ඊයේ (25 දා* වෑන් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් වෑන් රථයේ ගමන් කළ එක් අයකු මියගොස් හත්දෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි ගොකරැුල්ල පොලිසිය පවසයි.
 
සමන්තුරේ ප‍්‍රදේශයේ සිට දොහා කටාර් රාජ්‍යයේ සේවය කිරීමට යමින් සිටි තිදෙනකු කටුනායක ගුවන්තොටුපොළට ගෙනහැර යෑමට යමින් සිටි වෑන් රථයක් ගොකරැුල්ල දොලොස්දාහ ප‍්‍රදේශයේදී මාර්ගයේ නවතා මගීන් පිරිසක් නංවා ගනිමින් සිටි කදුරුවෙල කුරුණෑගල බස් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි ගොකරැුල්ල පොලිසිය කරන ලද මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
 
 අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ සිටි අටදෙනකු පොල්ගොල්ල දිසා රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් එක් අයකු මියගොස් ඇත.
 
 මෙලෙස මියගොස් ඇත්තේ සමන්තුරෙ ප‍්‍රදේශයේ පදිංචි මුහයිර්දින් ජමිල් නමැති 43 හැවිරිදි විවාහකයෙකි. මොහු ද කටාර් රාජ්‍යයට විදේශ රැුකියාවට යෑමට නියමිතව සිටියදී මෙම අනතුරට ලක් වී ඇත.
 
 අනතුරින් බරපතළ තත්ත්වයේ පසුවූ කානාතාවක ඇතුළු තවත් පස්දෙනකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බව පොල්ගොල්ල රොහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.
 
 අනතුරින් වාහන දෙකටම බරපතළ හානි සිදුවී ඇත.
 
 ගොකරැුල්ල පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් බණ්ඩාර ගනේගොඩ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයරත්න, කොස්තාපල් (39830* ජයසිංහ, (1857* දමින්ද යන මහත්වරු වැඩිදුර විමර්ශන පවත්වති.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles