Divaina - විරුවනි ඔබට අපේ උපහාරය!

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

trapik500
 
 රට තුළ පවතින රථවාහන තදබදය යනු සමස්ත රටවැසියන් නිරන්තර පීඩනයට පත් කෙරුණු කරුණක් බව අමුතුවෙන් කිවයුතු නොවන්නකි. එහිදී විශේෂයෙන් නාගරික රථවාහන තදබදය රටේ වැඩකරන ජනතාවගේ කාලයෙන් සැලකියයුතු ප‍්‍රමාණයක් මහම`ගට දියකර හරුණු කරුණක් බවට පත්ව තිබෙනුයේ බොහෝ කාලයක සිටය.
 
 මෙහිදී කලක සිටම ශී‍්‍ර ලංකා පොලිසිය මේ තත්ත්වය ම`ගහරවා ජනතාවගේ ගමන් බිමන් පහසුව පිණිස මාර්ග තදබදය අවම කිරීමට ගනු ලැබූ පියවර රාශියක්ද විය. එහෙත් ඉන් සමහර පිළියම් සාර්ථක වුවද තවත් සමහර දේ අසාර්ථක වූයේ තව තවත් ගැටලූ නිර්මාණය කරමිනි.
 
 මේ තත්ත්වය වෙනසකට ලක් කිරීම ස`දහා රථවාහන පොලිසියේ නිලධාරීන් අව්ව වැස්ස නොබලා රථවාහනවලින් පිටවන විස දුම සිරුරට කි`දා බසිනතුරුම රටේ ජනතාව වෙනුවෙන් කළ කැපකිරීම්ද අතිශය සංවේදී ඒවා විය.
 
 ඔවුහු මිනිසකුට දෑස් ඇර බැලිය නොහැකි තරමට ගිනියම් වූ ගිනි කාෂ්ඨක අව්වේ සිටිමින් මිනිසුන් වෙනුවෙන්ම දුෂ්කරක‍්‍රියා කළහ. එහෙත් ඒ වෙහෙස කොතෙක් වුවද දැනෙන යමක් සිදුවන බවක් නම් පෙනෙන්නට නොතිබිණි.
 
 රථවාහනවලින් අඛන්ඩව පිටවන විස දුම හමුවේ පාරිසරිකව මෙන්ම මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයටද බලපෑම් එල්ල වන අතරේ රටේ ආර්ථිකයටද එල්ල වූ බලපෑම සුවිශාලය.
 
 අවසානයේ මෙම තත්ත්වය කෙසේ හෝ පාලනය කරන අදහසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අදහසකට අනුව පෙරේදා (24 වැනිදා* සිට කොළඹ නාගරික රථවාන පාලනය ස`දහා රථ වාහන පොලසියේ සහායට යුද හමුද පොලිසියේ නිලධාරීන්ද යෙදවීමට යුද හමුදාපති සහ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ලූතිනන් ජෙනරාල ශවේන්ද්‍ර සිල්වා කටයුතු කරනු ලැබීය.
 
 අපි මෙසේ කියමු. ඒ ක‍්‍රමවේදයෙන් පසු ඊයේ (25 වැනිදා* දිනය තුළ කොළඹ නගරයේ මෙන්ම කොළඹට පිවිසෙන නාගරික ප‍්‍රදේශයන්හිද රථවාහන තදබදයේ පැහැදිලි අඩුවක් සිදුව තිබූ බව අත්දැකීම් ලත් බොහෝ අයගේ මතය වූහ.
 
 ඉතින් මේ සහනය රටේ ජනතවට අත්කර දුන්නාට ජනාධිපතිවරයා සහ යුදහමුදාපතිවරයාට මෙන්ම යුද හමුදා පොලිසියේත් ඍථවාහන පොලිසියේත් සියලූම විරුවනි මෙන්න ඔබට අපේ උපහාරය.
 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles