Divaina - කොළඹ හෝටලයක වැලන්ටයින් සාදයේදී බාලවයස් පෙම්වතුන්ට කොකේන් බෙදූ 10ක් අල්ලයි

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p1 2- රට මත්පැන් වැසිකිළියක සගවලා

- වැලන්ටයින් දින බාල වයස් පෙම්වතුන් සඳහා කොළඹ, මේට්ලන්ඞ් පෙදෙසේ පිහිටි රාත‍්‍රී සමාජ ශාලාවක සංවිධානය කර තිබූ වැලන්ටයින් සාදයකදී කොකේන් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටි කාන්තාවක් ඇතුළු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්විය.

මෙම ස්ථානය දින කීපයක් තිස්සේ සුරාබදු නිලධාරීන් විසින් නිරීක්ෂණය කිරීමේදී බාලවයස් පෙම්වතුන් සඳහා නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවිකරමින් සිටි මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට හෙළිවී ඇත. එය තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී අවුරුදු 17 ටත් 25 ත් අතර වයස්වල පසුවන පෙම්වතුන් යුවළ 100 150 ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් විනෝද වන ආකාරය දැක තිබේ. කිසියම් පිරිසක් එලෙස විනෝද වන පිරිසට මත්ද්‍රව්‍ය රැුගෙන විත් බෙදාහරින ආකාරයද මෙම නිලධාරීන්ට දැක ගන්නට ලැබී තිබේ.

ඒ අනුව ක‍්‍රියාත්මක වූ එම නිලධාරීන් ඒ ස්ථානයට ඇතුළු වී පරීක්ෂා කිරීමේදී කොකේන් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටි කාන්තාව ඇතුළු සැකකරුවන් කොටුකරගෙන ඇත.

එහිදී රුපියල් 50,000 කට අධික වටිනාකමින් යුත් කොකේන් අත්අඩංගුවට ගත් බවද එම කාර්යාංශය පවසයි.

අදාළ සැකකාරිය ඇතුළු සැකකරුවන් මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (17 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මීට අමතරව මෙම සාදය සඳහා විදේශීය මත්පැන් බෙදාහැරි අලෙවිසලක් ද වටලා විදේශීය මත්පැන් ලීටර් 143 කට අධික ප‍්‍රමාණයක් ද එම නිලධාරීන් භාරයට ගෙන තිබේ. ඒවා වැසිකිළියක ස`ගවා තිබියදී සොයා ගත් බවද එම කාර්යාංශය කියයි.

සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම මහතාගේ උපදෙස් මත අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත දිසානායක හා නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප‍්‍රධාන සුරාබදු පරීක්ෂක කේ. පී. එස්. පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles