Divaina - විනිසුරු රාජකාරියට බාධා කළැයි රන්ජන් අත්අඩංගුවට... වැරදිකරු වූවොත් වසර හතකට ප‍්‍රජා අයිතිය අහෝසියි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

 

ඒ. ජේ. ඒ. අබේනායක

rans500අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු නියෝගය අනුව ඊයේ (14දා* පස්වරුවේ මාදිවෙල පිහිටි මන්තී‍්‍ර නිවාස පරිශ‍්‍රයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද (15 දා* පෙරවරුවේ නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකාර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද (15 දා* පෙරවරුවේ නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නියෝගයක් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (14 දා* පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනකු සමගම විවිධ නඩු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡුා කොට ඇති බවට මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති දුරකථන සංවාද ඇතුළත් සී.ඞී. පට මගින් අනාවරණය වී තිබීම නිසා අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතුවලට මැදිහත් වීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා ඊයේ (14 දා* උපදෙස් ලබාදී තිබිණි.

රාජකාරියේ නිරත විනිසුරුවරයකු සමග අධිකරණය හමුවේ විභාග වන හෝ විභාග වී අවසන් කළ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් හෝ විමසීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ෂෂෂ ආ ඈ (2* අනු ව්‍යවස්ථා යටතේ දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් වන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන්ට නීතිපතිවරයා විසින් එම නියෝගය ලබාදී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ‘දිවයින’ට ප‍්‍රකාශ කළාය.

විනිසුරුවරුන්ගේ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාව යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා ඊයේ (14 දා* පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගේ එකී ක‍්‍රියාවලිය මඟින් විනිසුරුවරුන්ගේ රාජකාරිවලට අයුතු මැදිහත්වීමක් සිදුවී ඇති බවත් එමඟින් සමස්ත අධිකරණ ක‍්‍රියාවලියම බිඳ වැටීමකට ලක් වී ඇති බවත් පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

විනිසුරුවරුන්ගේ රාජකාරිවලට අයුතු මැදිහත්වීම හා එමඟින් අධිකරණ පද්ධතියට සිදුවී ඇති බිඳවැටීම සනාථ කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂක රත්නායක මහතාගෙන් අධිකරණය හමුවේදී සාක්‍ෂි මෙහෙයවීමට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පියවර ගත්තේය. එකී සාක්‍ෂියේදී අනාවරණය වූ කරුණු සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැක්වූ කරුණු අනුව වරෙන්තු නියෝගයක් නිකුත් කිරීමට ප‍්‍රමාණවත් සුවිශේෂී තත්ත්වයක් පවතින බවට නිගමනය කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම වරෙන්තුව නිකුත් කළේය.

අධිකරණ විනිසුරුවරයකුගේ රාජකාරි කටයුතුවලට මැදිහත්වීමේ චෝදනා යටතේ ලංකා අධිකරණ ඉතිහාසයේ ප‍්‍රථම වරට එවැනි නඩුකරයක් ආරම්භ කළ බව ද පෙන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම අනුව සැකකාර මන්ත‍්‍රීවරයා අධිකරණය හමුවට කැඳවීමට සිතාසි නිකුත් කිරීමේ හැකියාව තිබියදී තම අධිකරණය එකී වරෙන්තු නියෝගය නිකුත් කරනා බව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් වසන්ත බණ්ඩාර මහතා එහිදී පෙන්වා දුන්නේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ගැනෙන දණ්ඩණීය වරදකට ලංකා අධිකරණ ඉතිහාසයේ ප‍්‍රථම වරට සැකකරුවකු ඉදිරිපත් කිරීමට තම දෙපාර්තමේන්තුව සූදානම් වනුයේ එකී හඬපටවලින් මේ දක්වා ඉදිරිපත් වී ඇති කරුණු අනුව අධිකරණ විනිසුරුවරුන් තිදෙනකුට සැකකාර මන්ත‍්‍රීවරයා බලපෑම් කළ බව අනාවරණය වීම නිසා බව දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී හඬපටවල ඇති කටහඬ තහවුරුවීමක් සිදුවී ඇති දැයි ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එහිදී විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

නීත්‍යනුකූල අයුරින් එවැනි තහවුරුවීමක් මේ දක්වා සිදුවී නැති නමුත් ඒවායේ අඩංගු වනුයේ තමන්ගේ හඬ නොවන බව මේ දක්වා එකී සැකකරු ප‍්‍රතික්ෂේප කිරීමක් කර නොමැති බව ද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ දක්වා සිදුකළ විමර්ශන අනුව එකී චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු වන බැවින් එකී වරෙන්තු නියෝගය ඉල්ලා සිටින බව ද පෙන්වා දුන්නේය.

නිසි ක‍්‍රමවේදය අනුගමනය කරමින් කථානායකවරයා දැනුවත් කර සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර

ගන්නා බව ද දිලීප පීරිස් මහතා මෙහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. එකී වරෙන්තු නියෝගය වැඩබලන පොලිස්පතිවරයාට ද පිටපතක් සහිතව නිකුත් කරනා ලෙසට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙකී වරදට වැරදිකරු වුවහොත් වසර හතකට ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ හැකියාව මෙන්ම වසරක සිරදඬුවම් හා සීමාවක් නොමැති දඩයකට ලක් කළ හැකි බව ද දිලීප පීරිස් මහතා මෙහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.


මාදිවෙල පිහිටි නිල නිවාසයේදී රන්ජන් අත්අඩංගුවට ගත් අවස්ථාව...

ඡායාරූප - තුෂාර අතපත්තු

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles