Divaina - පර්චස් පනහක ගෙවත්තක මල් පෝච්චිවල කංසා වවලා... හොඳින් වැඩුණු කංසා ගස් 463 ක් , කුඩා පැල 300ක් බිම් තවාන් පැල 100කට අධික ප‍්‍රමාණයක්....

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අමරනන්ද විජේසේකර මහවැව
 
 වෙන්නප්පුව පොලිස් වසමට අයත් බෝලවත්ත උතුරු කම්මල ප‍්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය මහා පරිමාණ කංසා වගාවක් වැටලීමට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත්වී තිබේ.
 
 ganja700
 
 12 වැනි දින සවස මෙම වැටලීම සිදු කළේය. කංසා වගාව පවත්වාගෙන ගිය ජාවාරම්කරු සහ එහි සේවකයන් දෙදෙනෙක්ද මෙහිදී අත්අඩංගුවටට ගැනිණි.
 
 පර්චස් 50 ක භූමි ප‍්‍රදේශයක පොල් අතුවලින් අසුරා ඉතා සූක්ෂම ලෙස මෙම කංසා වගාව පවත්වාගෙන ගොස් තිබේ. රසායනික පොහොර භාවිතා කරමින් මල් පෝච්චිවල කංසා වගාව සිදුකර තිබේ. එසේ වගා කළ හොඳින් වැඩුණු කංසා ගස් 463 ක් , කුඩා පැල 300 ක් බිම් තවාන් පැල 100 කට අධික ප‍්‍රමාණයක් කංසා පැළ සිටුවීම සඳහා භාවිතා කරන ප්ලාස්ටික් පෝච්චි රැුසක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. කංසා බීජ තණමල්විල සහ සියඹලාණ්ඩුව යන ප‍්‍රදේශවලින් කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 10,000 ක මුදලකට මිලදී ගෙන මෙම වගාව පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය විය.
 
 සැකකරුවෝ එම ප‍්‍රදේශයේම පදිංචි අය වෙති. අත්අඩංගුවට පත් සැකකරුවන් හා කංසා තොගය
 
 වෙන්නප්පුව පොලිසියට භාරදීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කටයුතු කළේය.
 
 පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
 
 පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ
 
 උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී කටුගම්පල හා ස්ථානධිපති පී. එම්. නලින්ද කුමාර උඩඅරඹ යන මහත්වරුන්ගේ
 
 මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක රසික, පොලිස් සැරයන්වරුන් වන (8093* තෙන්නකෝන්, (4886* වසන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන (79218* සඳරුවන්, (22645* ධම්මික, (9621* වාසල, (82848* අසංක, (90691* බස්නායක, (93142* දේදුනුපිටිය, (93184* පුෂ්පකුමාර සහ (79569* පීරිස් ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles