Divaina - අගමැති කතරගම ආගමික වතාවත්වල

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p1 1අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (14 දා) පෙරවරුවේ කතරගම පූජා භූමිය වැඳ පුදා ගෙන ආශීර්වාද ලබා ගත්තේය.

අග‍්‍රාමාත්‍යවරයා පළමුවෙන්ම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක පංචමහා විහාරයන්හි විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට අටපිරිකර පූජාකර ආශීර්වාද ලබා ගත්තේය. එයින් පසු ඒ මහතා නෙළුම් මල් හා සමන් පිච්ච මල් වට්ටි පූජාකර කිරිවෙහෙර චෛත්‍යය වැඳපුදා ගත්තේය. අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස කිරිවෙහෙර නාහිමියන් විසින් පංචශීලයේ පිහිටවූ අතර ආශීර්වාද සෙත් පිරිත් සජ්ඣායනාවලින් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයාගේ සුරතේ පිරිත් නූල් ගැට ගැසීම සිදුවිය.

පසුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කිරිවෙහෙර පරිශ‍්‍රයේ පිහිටි අෂ්ටඵල බෝධීන් වහන්සේ වැඳ පුදාගත් අතර එහිදී විශේෂ බෝධි පූජා පිංකමකට ද සහභාගී විය. එයින් පසුව කිරිවෙහෙර පරිශ‍්‍රයේම පිහිටි මහසෙන් දේවාලයටද ගොස් ආශීර්වාද ලබාගත් මහින්ද රාජපක්‍ෂ මහතා ඉන් අනතුරුව කතරගම මහා දේවාලයේ පැවැති පූජාවකටද සහභාගී විය.

අනතුරුව කතරගම අභිනවාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති කපුගම සරණතිස්ස නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට ද මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස කටයුතු කළහ.

කතරගම මහා දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

කතරගම - කේ. ඞී. දේවපි‍්‍රය, අනුර යසමිත් - බලපිටිය

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles