Divaina - ස්විස් නිලධාරිනිය වෛද්‍ය පරීක්‍ෂණය ප‍්‍රතික්ෂේප කරයි - අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් නැතැයි කියා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p1 1පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන මෙරට නිලධාරිනිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ඊයේ (09 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත රැගෙන ආ අයුරු.

ඡායාරූපය - කමල් බෝගොඩ

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය වන ගානියාර් බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් නමැත්තිය අධිකරණ වෛi පරීක්‍ෂණය සඳහා වෛiවරියක නොසිටීම හේතුවෙන් එම පරීක්‍ෂණයට යොමුවීමට අකමැති බව ඇය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (9 දා) ප‍්‍රකාශ කළේය.

එහිදී මහෙස්ත‍්‍රාත්වරිය ස්තී‍්‍ර ¥ෂණ සම්බන්ධ වෛi පරීක්‍ෂණ සිදුකරන්නේ සාමාන්‍යයෙන් අධිකරණ වෛi කාර්යාලයේ පිරිමි වෛiවරු විසින් බැවින් මේ සම්බන්ධයෙන් තමන්ට නියෝගයක් නිකුත් කළ නොහැකි බව පැවසුවාය.

කරුණු සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරිය වින්දිත තැනැත්තිය වන ගානියාර් බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් යන අයගේ මානසික හා කායික සම්බන්ධව පරීක්‍ෂණ සිදුකර වෛi වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ කාන්තාවගේ ප‍්‍රකාශ සටහන් කර එම කටයුතුවල ප‍්‍රගතිය ලබන 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළාය. එසේම පනවා තිබූ විදෙස් ගමන් තහනම් නියෝගය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ 9 වැනිදා නියෝග කළාය.

පැහැර ගැනීමට ලක්වූ බව කියන තැනැත්තිය ලිංගික අපයෝජනයකට හා පහර කෑමකට ලක්වී ඇද්දැයි පරීක්‍ෂණ සිදුකර අධිකරණයට වෛi වාර්තා ඉදිරිපත් කිරීමටද කොළඹ අධිකරණ වෛi නිලධාරියාට නියෝග කෙරිණි. එමෙන්ම මෙම තැනැත්තිය මානසික පීඩනයකින් පෙළෙනවාදැයි පරීක්‍ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

වැඩිදුර වාර්තාවන් ඉදිරිපත් කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ සිද්ධියට මුහුණ දුන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනිය පෙරේදා (8 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවත්, ඇයගෙන් සිද්ධිය සම්බන්ධව පැය 9 ක කාලයක් ප‍්‍රකාශ සටහන් කරගත් බවත්ය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ වින්දිත තැනැත්තියගෙන් මූලික ප‍්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කිරීමට නොහැකිවූ බවත් වින්දිත තැනැත්තියගෙන් වැඩිදුර ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා ඊයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් විය යුතු බවත්ය.

වින්දිත තැනැත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කරුණු දක්වමින් පවසා සිටියේ ස්විට්සර්ලන්ත කාර්යාලය මගින් වින්දිත තැනැත්තිය දේශීය හා විදේශීය වෛiවරයන් දෙදෙනකුට යොමුකොට ඇති බවත් එහිදී එම වෛiවරුන්ගේ පරීක්‍ෂාවෙන් ස්විස් නිලධාරිනිය මානසික පීඩනයකින් හා ලිංගික අපයෝජනයකට, පහර කෑමකට ලක්ව ඇති බව අනාවරණය වන බවත්ය. එකී වෛi වාර්තාවන් ඊයේ (9 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වැඩිදුර බී වාර්තාවක් සමග අධිකරණයට භාරදෙන ලදී.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් පවසා සිටියේ වින්දිත තැනැත්තියගෙන් 8 දා ප‍්‍රකාශ ලබා ගැනීමට පෙර ඇය අධිකරණ වෛi නිලධාරියෙකු වෙත යොමු කළ බවයි. කෙසේ වෙතත් අධිකරණ වෛi පරීක්‍ෂණයේදී පිරිමි වෛiවරයකු සිටීම හේතුවෙන් එම කාන්තාව එම වෛiවරයා හමුවේ කායික වෛi පරීක්‍ෂණයකට යොමු වීමට අකමැති බවත් ඒ සඳහා කාන්තා වෛiවරියක් වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළ බවත්ය.

කශුනි රෙබෙකා
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles